‘INSEE සිමෙන්ති’ ප්‍රතිස්ථාපිත දේශයක් සඳහා යළිත් කැපවෙයි

ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ලෙස ඒකාබද්ධ වූ සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE සිමෙන්ති සමාගම ‘ප්‍රතිස්ථාපිත දේශයක්’ (‘ARestored Nation’) සඳහා වන සිය කැපවීම නැවතත් තහවුරු කිරීමට පසුගියදා කටයුතු කළ බව පවසයි

2021 ලෝක පරිසරය නිමිත්තෙන්, හානියට පත්වී ඇති පරිසර පද්ධති නැවත යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් මතුවී ඇති දැඩි උනන්දුවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙය සිදුකරන ලදි.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය ගෝලීය දේශගුණික ඉලක්ක කරා ගෙන යාමේ උත්සාහය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටින INSEE සිමෙන්ති සමාගම,දිවයින පුරා ව්‍යාප්තව ඇති විවිධ පරිසර පද්ධති සංරක්ෂණය සඳහා වූ කැපවීම දෙගුණ කරමින්, ‘පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ දශකයේ’ (‘UN Decade on Ecosystem Restoration’) ආරම්භය සනිටුහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින්,INSEE සිමෙන්ති සමාගමේ සංවිධාන හා මානව සම්පත් අධ්‍යක්ෂ චන්දන විජයනාම මහතා මෙසේ පැවසී ය. “පරිසර සංරක්ෂණය සඳහා අපගේ උත්සාහයන් පැන නගින්නේ පරිසර පද්ධතිවලට හානි සිදුවීමේ ඉඩකඩ වැළැක්වීම, දැනටමත් සිදුවෙමින් පවතින හානි නැවැත්වීම සහ ආපසු හැරවීම සඳහා පියවර ගැනීමේ හදිසි අවශ්‍යතාව තේරුම් ගැනීම තුළිනුයි. ස්වාභාවික සම්පත් සමග අතිශයින් සමීප ලෙස සම්බන්ධ වී ඇති ව්‍යාපාරයක් වශයෙන්, INSEE සිමෙන්ති සමාගම ආරම්භයේ සිටම තිරසාර නිෂ්පාදන හා වගකිවයුතු ව්‍යාපාරික භාවිතාවන් තුළින් පාරිසරික බලපෑම අවම කිරීම සඳහා කටයුතු කර තිබෙනවා. මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන්, අපගේ පරිසර පද්ධති සුවපත් කිරීම, ස්වාභාවික වාසස්ථාන වැඩිදියුණු කිරීම, පාංශු හා ජල සම්පත් ආරක්ෂා කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත් ලෙස මුහුණ දීම සඳහා අපගේ ප්‍රජාවන්ට සහය වීම යනාදියඋදෙසා වන අපගේ කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට අප පියවර ගත්තා.”

ප්‍රධාන පරිසර පද්ධති හතරක්, එනම් ඛණිජ නිධි, කඩොලාන වාසස්ථාන, වැසි වනාන්තර සහ කොරල් පර යන පාරිසරික පද්ධති වල යහපත වෙනුවෙන්, පාරිසරික බලධාරීන් හා සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කරමින්, ප්‍රතිසංස්කරණ, සංරක්ෂණ හා පුනරුත්ථාපන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම වසර ගණනාවක් තිස්සේ විශාල වශයෙන් ආයෝජනයන් සිදුකර ඇත. ආධාරක පුනර්ජනන වැඩසටහනක් හරහා, ශ්‍රී ලංකාවේ විශාලතම හුණුගල් නිධියක්වන අරුවක්කාලු හි කැණීම් කටයුතුවල දීර්ඝකාලීන පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම අඛණ්ඩව කටයුතු කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන INSEE සිමෙන්ති සමාගමේ (ශ්‍රී ලංකාව) ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ “INSEE සිමෙන්ති කිසි විටෙකත් වගකීම් හෝ කැපවීම් වලින් පලායන සමාගමක් නොවෙයි. විශේෂයෙන්ම ගෝලීය මට්ටමින් යම් යම් ක්‍රියාමාර්ග සඳහා ඉල්ලීම් ඇති විට අප ඒවාට උරදීමටසූදානම්. අපගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව සෑම විටම දැඩි පාරිසරික ප්‍රමිතීන්ට අනුකූලවකටයුතු කරන අතරම, අප සෑම විටම අපගේ සම්පත් හා හැකියාවන් භාවිතා කරමින්, දුර්වල මට්ටමේ පවතින පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම හා සුරක්ෂිත කිරීම සඳහා පුළුල් හා දීර්ඝකාලීන ලෙස කටයුතු කර තිබෙනවා. මෙම වසරේදී, එක්සත් ජාතීන්ගේ පරිසර පද්ධති ප්‍රතිස්ථාපන දශකයේ ආරම්භය සනිටුහන් කරමින්, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සහජෛව විවිධත්වයේ බිඳවැටීම නැවැත්වීම මෙන්ම, අපගේ මූලිකම පද්ධතිය වන, අපගේ ව්‍යාපාර කටයුතු සිදුකරනු ලබන ප්‍රජාවන් තුළ ජීවිත හා ජීවනෝපායන් වැඩි දියුණු කිරීම සඳහා වූ අපගේ කැපවීම නැවත වරක් තහවුරු කිරීමට INSEE සිමෙන්ති සූදානම්.” මහතා පැවසීය.

Visits: 98