සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් සඳහා ‘Call a Doctor’ පහසුකම දියත් කරයි

ශ‍්‍රී ලංකාවේ සීඝ‍්‍රයෙන් වර්ධනය වන සහ හොඳම සෞඛ්‍ය රක්ෂණය හිමි සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනය සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ සෞඛ්‍ය යහ පැවැත්ම වෙනුවෙන් තවදුරටත් කැපවෙමින් සතියේ දින 7 පුරාත් දවසේ පැය 24 පුරාත් නොමිලේ ක‍්‍රියාත්මක වන ‘Call a Doctor’ නමින් නවතම සේවාවක් හඳුන්වාදීමට කටයුතු යෙදූ බව පවසයි.

විශේෂයෙන් පවතින COVID-19 වසංගත කාලය තුළ රක්ෂණ ඔප්පු හිමියන්ගේ සහ සොෆ්ට්ලොජික් ලයිෆ් කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව හා සුව පහසුව වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබූ මෙම සුවිශේෂී සේවාව හරහා දවසේ ඕනෑම වේලාවක දුරකතන ඇමතුමක් හරහා වෛද්‍යවරුන්ගේ විශේෂඥ දැනුම තුළින් තමන්ගේ හෝ පවුලේ සාමාජිකයකුගේ සෞඛ්‍ය ගැටළු සඳහා අවශ්‍ය උපදෙස් නොමිලේ ලබා ගැනීමේ අවස්ථාව රක්ෂණ ඔප්පු හිමියන් හා සොෆ්ට්ලොජික් ලයිෆ් කාර්ය මණ්ඩලය වෙත උදා කර දී ඇත.

එසේම නිවසටම සීමා වී සිටින කාලය තුළදී ‘Call a Doctor’ සේවාව තුළින් වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි අවශ්‍ය බෙහෙත් නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාවද රක්ෂණ ඔප්පු හිමියන් වෙත සලසා දී තිබීම විශේෂත්වයකි. තවද රක්ෂණ හිමිකරුවන්ට මෙන්ම සොෆ්ට්ලොජික් ලයිෆ් කාර්ය මණ්ඩලය හටද මේ හරහා PCR පරීක්ෂණයක් සිදුකර ගැනීම සැලසුම් කරගැනීමට අවශ්‍ය සහාය ලබා ගත හැකිය.

එසේම ඔවුන්ගේ රක්ෂණ ඔප්පුවේ ඇති කොන්දේසිවලට අනුව එම PCR පරීක්ෂණ වියදම පියවා ගැනීමටදල රෝහල් ගතවීමක් සැලසුම් කරගැනීමට අවශ්‍ය සහාය ලබා ගැනීමට ද හැකි වේ. මෙහි අන්තර්ගත සියලූ සේවාවන් දැනට පවතින රජයේ රෙගුලාසි, පහසුකම්වල ධාරිතාව මෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරනු ලැබේ.

මෙම නවතම සේවාව පිළිබඳව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘මේ වන විට පවතින වසංගත තත්වය හේතුවෙන් අපගේ ගනුදෙනුකරුවන් එදිනෙදා සෞඛ්‍ය යහ පැවැත්ම අතින් ඉමහත් දුෂ්කරතාවයකට මුහුණ දෙමින් සිටිනවා. ඔවුන් නිරන්තරයෙන් ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබඳව අවධානය යොමු කරමින් සිටියද ඔවුන්ගේ සෞඛ්‍ය ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා වෛද්‍යවරයෙක් හමුවීමට නොහැකි වී තිබෙනවා. එවන් තත්වයක් තුළ “Doctor on Call” වැනි ඩිජිටල් සෞඛ්‍ය සේවා පහසුකමක් දියත් කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. රට තුළ සංචරණ සීමා ක‍්‍රියාත්මක කාලය තුළ ටෙලි මෙඩිසින් හා ඩිජිටල් සේවාවන් බලගැන්වීම හරහා රක්ෂණ ඔප්පු හිමියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම මෙම ‘Call a Doctor’ හි අරමුණයි.’’ යනුවෙන් පැවසුවේය.

Visits: 59