ගෘහස්ත ගෑස් සිලින්ඩර නිෂ්පාදකයන්ට සහ අලෙවිකරුවන්ට පාරිභෝගික අධිකාරියෙන් විධානයක්

කිලෝ ග්‍රෑම් 12.5ක් බරැති ද්‍රවිකෘත පෙට්‍රෝලියම් වායු (LP Gas) ගෘහස්ත ගෑස් සිලින්ඩර දිවයින පුරා ඇති එම ගෘහස්ථ ගෑස් සිලින්ඩර අලෙවිසැල් තුළ පාරිභෝගිකයන් සඳහන් මිලදී ගැනීම සඳහා තිබිය යුතු බවට එම ගෘහස්ත ගෑස් සිලින්ඩර නිෂ්පාදකයින් සහ වෙළෙඳුන් වෙත විධානයක් ලබා දෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනයක් මගින් දැනුම් දෙයි.

එහි සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතා විසින් මෙම විධානය පනවා තිබේ.

එසේම මෙම කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෘහස්ථ ගෑස් සිලින්ඩර තම සන්තකයෙහි හෝ තම පාලනය යටතේ ඇති කිසිම වෙළෙන්දෙකු විසින් එම ගෑස් සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට ඍජුව හෝ වක්‍රාකාරයෙන් පාරිභෝගිකයන්ට බලපෑම් කිරීම නොකළ යුතු බවත් මෙම නිවේදනයේ සඳහන්ව ඇත.

මෙම විධානය 2021 ජූනි 09 වැනි දින සිට බලපැවැත්වෙන බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 146