ප්‍රයිම් සමූහ‍යෙන් ගම්පහ දිස්ත්‍රික් මහරෝහලට කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර 2ක්

ප‍්‍රයිම් ව්‍යාපාර සමූහය විසින් කෝවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගන්නා කෘති‍්‍රම ශ්වසන යන්ත‍්‍ර දෙකක් (Non-invasive Ventilators) පසුගියදා ගම්පහ දිස්ක‍්‍රික් මහ රෝහලට පසුගියදා පරිත්‍යාග කරන ලද බව පවසයි.

විශේෂයෙන්ම කෝවිඩ් වසංගතය මැඩලීම සඳහා පරිත්‍යාගශීලී ලාංකිකයින්ගේ උපකාරය රජය විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී කඩිනමින් මෙම කෘත‍්‍රිම ශ්වසන යන්ත‍්‍රයන් ලබා දීමට ප‍්‍රයිම් සමූහය පියවර ගත් බව සඳහන් කර සිටියි.

ප‍්‍රයිම් සමූහය විසින් පරිත්‍යාග කරන ලද කෘත‍්‍රිම ශ්වසන යන්ත‍්‍ර යුගලය ගම්පහ දිස්ත‍්‍රික් මහ රෝහලේ වෛද්‍ය සසංක වෙඩිසිංහ මහතා වෙත භාර දීම ප‍්‍රයිම් සමූහයේ සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රහ්මණගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වී ඇති අතර මේ අවස්ථාවට ප‍්‍රයිම් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් ඇතුළුව ජ්‍යෙෂ්ඨ කළමණාකරන සාමාජිකයෝ රැසක් සහභාගී වී තිබේ.

ප‍්‍රයිම් සමූහය විසින් පරිත්‍යාග කළ මෙම නව කෘත‍්‍රිම ශ්වසන යන්ත‍්‍ර දෙක සමග ගම්පහ මහරෝහල සතු කෘත‍්‍රිම ශ්වසන ප‍්‍රතිකාර ඒකකයේ ධාරිතාව හයක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ප්‍රදානය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින ප‍්‍රයිම් සමූහයේ සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රහ්මණගේ මහතා ‘‘ප‍්‍රයිම් සමූහය ලෙසින් අපි හොඳ ක‍්‍රියාවක ප‍්‍රතිඵලය සහ එහි ප‍්‍රතිලාභය ද යහපත් වන බව තරයේ විශ්වාස කරන සත්‍යක්. කෝවිඞ් වසංගතයෙහි තෙවන රැල්ලට මුහුණදී සිටින අප අන් කවර අවස්ථාවකටත් වඩා දැඩි ජීවිත අවදානමකට පත් ව සිටින අතර මෙම නව කෝවිඞ් ප‍්‍රභේදය මගින් ශ්වසන අපහසුතාවන් සහිතව අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කරන ශ‍්‍රී ලාංකිකයින් සංඛ්‍යාව දරාගත නොහැකි මට්ටමක් තෙක් ළඟාවෙමින් තිබෙනවා. මෙම තත්වය තුළ ශ්‍රී ලාංකීය සමූහයක් ලෙස කෝවිඞ් රෝගීන්ගේ ජීවිත බේරා දීම සඳහා අපට ලබා දිය හැකි පරිත්‍යාගය නොමසුරුව කඩිනමින් ලබා දීමට අපට අවශ්‍ය වුනා.” යනුවෙන් පවසා තිබේ.

Visits: 37