OPPO නැවතත් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියට අනුග්‍රහය දෙයි

අඛණ්ඩව 3 වන වරටත් OPPO අනුග්‍රාහකත්වය ලබාදෙන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය (රෝලන්ඩ්-ගැරෝස්) පසුගිය මැයි 31 දින ආරම්භ විය. OPPO මෙම තරගාවලියේ ප්‍රථම ස්මාර්ට්ෆෝන් හවුල්කරු වීම විශේෂත්වයකි.

මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය වෙනුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කලකට පසුව නැවතත් පැරිස් නගරයට පැමිණියහ. එමෙන්ම මෙය ටෙනිස් ක්‍රීඩා ලෝලීන්ට යළිත් ක්‍රීඩාංගණ වෙත පැමිණ තරග නැරඹීමට ලැබෙන අවස්ථාවක්ද වෙයි. ප්‍රේක්ෂක ඔල්වරසන් සමගින් සුප්‍රකට මැටි ක්‍රීඩා පිටි වල යළිත් ක්‍රීඩා තරග පැවැත්වීමට අවස්ථාව ලැබීමේ ප්‍රීතිය සැමරීමක් වශයෙන්, .’Play With Heart’ නමින් නවතම ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමටද OPPO පියවර ගත්තේ ය.

මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළදී ලොව පුරා රසිකයන්ට, ඡායාරූප හා සටහන් ඔස්සේ, ටෙනිස් ක්‍රීඩාව සම්බන්ධයෙන් තමන් තුළ ඇති ආශාව හා උනන්දුව ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබේ. එමෙන්ම ටෙනිස් ක්‍රීඩාව පිළිබඳව තමන් තුළ ඇති ආදරය මෙම වැඩසටහන හරහා නිර්මාණශීලී ලෙස ප්‍රකාශ කරන ලෙස, සමාජ මාධ්‍ය ලෝකය තුළ ජනප්‍රිය පුද්ගලයන්ට ද ආරාධනා කරන ලදි.

“ටෙනිස් ක්‍රීඩාවට ඇති ආශාව ආත්මයෙන්ම පැන නගින දෙයක්. ඒ නිසා, ලොව හොඳම ටෙනිස් රසික රසිකාවියන්, ක්‍රීඩාව සම්බන්ධයෙන් තමන් තුළ ඇති ඇල්ම ප්‍රකාශ කරමින්, අන් ක්‍රීඩා ලෝලීන් සමගද ඒ හැඟීම් බෙදාගනු දකින්නට අපට අවශ්‍යයි. 2020 වසර විශේෂයෙන්ම ටෙනිස් ක්‍රීඩා ලෝලීන් ඇතුළු අප සැමටම අසාමාන්‍ය හා අප්‍රසන්න වසරක් වුණා. අප ‘Play With Heart’වැඩසටහන ආරම්භ කළේ ඒ නිසාමයි. ජයග්‍රහණය හඹා යාම වැනි, ටෙනිස් ක්‍රීඩාවේ වඩාත්ම විචිත්‍රවත් අවස්ථාවන්හි අද්විතීය ප්‍රීතියට හා ප්‍රබෝධයට ඇලුම් කරන රසික රසිකාවියන්ගේ සිත් තුළ ඇති ඒ හැඟීම් යළි යළිත් අවදිකරවීම මෙන්ම, ප්‍රංශ විවෘත තරගාවලිය වැනි ප්‍රධාන පෙළේ තරගාවලි නැවතත් ආරම්භ වීමේ සතුට බෙදාහදාගැනීමට ඔවුන්ට අවස්ථාවක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබෙනවා.” විදේශ රටවල් සඳහා OPPO ප්‍රධාන අලෙවි නිලධාරී Gregor Almassy මහතා පැවසී ය.

“OPPO සමග අප ඇතිකරගෙන සිටින හවුල්කාරීත්වය සම්බන්ධයෙන් බෙහෙවින් ආඩම්බර වන අතරම, මෙවැනි සංකීර්ණ කාලපරිච්ඡේදයකදී ඔවුන්ගෙන් අඛණ්ඩව ලැබෙන සහයෝගය අප බෙහෙවින් අගය කරනවා. පෙර වසරවල දී මෙන්ම, අපගේ හවුල්කාරීත්වයේ පදනම වන්නේ ආශාව සහ නවෝත්පාදනයයි. එමෙන්ම ටෙනිස් ක්‍රීඩා ලෝලීන් එකමුතු කරමින්, ක්‍රීඩාව කෙරෙහි ඔවුන් තුළ ඇති ආදරය හා උනන්දුව ලොවට ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදීම සඳහා අප දරන පොදු උත්සාහය ‘Play With Heart’වැඩසටහන මගින් මැනැවින් නිරූපණය වනවා.” ප්‍රංශ ටෙනිස් සම්මේලනයේ සභාපති Gilles Moretton මහතා පැවසී ය.

‘Play With Heart’ වැඩසටහනේ මීළඟ අදියර ලෙස, ලොව පුරා ප්‍රචාරණ වැඩසටහන් රැසක් දියත් කිරීමට OPPO සැලසුම් කර ඇත. මින් එක් වැඩසටහනක් වන්නේ, ක්‍රීඩා ලෝලීන් වැඩි වැඩියෙන් ටෙනිස් ක්‍රීඩාව වෙත යොමුකරවීම ඉලක්ක කරගෙන පැරිස් සහ ලන්ඩන් නගර වල ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Wall of Heart’ වැඩසටහනයි.

“OPPO සමඟ මගේ හවුල්කාරීත්වය තවදුරටත් ඉදිරියට ගෙනයාමට ලැබීම පිළිබඳව සතුටු වන අතරම, ටෙනිස් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් ඉටුකරන මෙහෙවර වෙනුවෙන් මා ඔවුන්ට කෘතඥ වෙනවා. .’Play With Heart’වැඩසටහනට දායක වීමට ලැබීමත් මට සතුටක්. එය අනාගත පරපුරේ ටෙනිස් ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩා ලෝලීන්ට මේ වසරේ සුවිශේෂී අත්දැකීමක් ලබාදේවි කියා මට විශ්වාසයි.” ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල අංක 15 ස්ථානයේ පසුවන Gael Monfils පැවසී ය.

‘Play With Heart’ යනු ටෙනිස් ක්‍රීඩාව සහ පොදුවේ ක්‍රීඩා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා OPPO හි දිගුකාලීන කැපවීම නිරූපණය කරන වැඩසටහනකි. එමෙන්ම රෝලන්ඩ්-ගැරෝස් සහ විම්බල්ඩන් සමග ඇති හවුල්කාරීත්වය, ලොව අනාගත පරම්පරාවන් තුළ ටෙනිස් ක්‍රීඩාව කෙරෙහි ඇති ආශාව තීව්‍ර කරවමින්, ඔවුන්ට වඩාත් සමීප වීම සඳහා OPPO දරන උත්සාහයේ එක් වැදගත් පියවරක් ලෙස සැලකිය හැකි වේ.

Visits: 47