Allianz වෙතින් Hutch පාරිභෝගිකයන්ට ‘ස්මාර්ට් ප්‍රොටෙක්ෂන්’ රක්ෂණාවරණයක්

අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා හා එක්ව එහි පෙර ගෙවුම් හා පසු ගෙවුම් පාරිභෝගිකයන් හට ස්මාර්ට් ප්‍රොටෙක්ෂන් (Smart Protection) නමින් සුවිශේෂී ජීවිත රක්ෂණාවරණයක් ලබා දීම වෙනුවෙන් පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලද බව පවසයි.

ප්‍රතිලාභ රැසක් හිමි කර දෙන මෙම පැකේජයට, ජීවිත අහිමිවීමකදී හිමිවන ප්‍රතිලාභයන්ට අමතරව දෛනික රෝහල් ගාස්තු ආවරණය, ඩෙංගු මුදල් රක්ෂණාවරණය ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් ඇතුළත් වන අතර රුපියල් 4.50ක් වන අවම දෛනික වාරිකයක් යටතේ Hutch පාරිභෝගිකයන් හට ලබා ගත හැකිය.

තමන්ගේ Hutch ජංගම දුරකථන අංකයෙන් 226 ඇමතීමෙන් Hutch පෙර ගෙවුම් හා පසු ගෙවුම් පාරිභෝගිකයන්ට හට අලියාන්ස්හි මෙම රක්ෂණාවරණය සමඟ ලියාපදිංචි වී පහසුවෙන් ඊට ඇතුළත් වීමට අවස්ථාව උදා වේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිළධාරී ජයලාල් හේවාවසම් මහතා සඳහන් කර සිටියේ “ මෙම පැකේජය දියත් කිරීම තුළින් Hutch පාරිභෝගිකයන් හට ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත බවට තහවුරු කරගත හැකි වනු ඇති අතර ඔවුන්ගේ මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම සුවිශේෂී අවස්ථාව ප්‍රයෝජනයට ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

Hutch ටෙලිකොමියුනිකේෂන්හි ප්‍රධාන අලෙවි නිළධාරී රම්සීනා මෝසෙත් ලයි මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් “මෙම රක්ෂණ පැකේජයන් දියත් කිරීම තුළින් පාරිභෝගිකයන් හට ඉතා වටිනා නිෂ්පාදන හා සේවාවන් ලබා දීමේ අපගේ අරමුණ මෙන්ම පාරිභෝගිකයාට ගැළපෙන සේවාවන් ලබා දීම වෙනුවෙන් වන අපගේ කැපවීම මනාව ප්‍රදර්ශනය වනවා. අපගේ පාරිභෝගික සමූහය, තමා වෙත ඉහළම ප්‍රතිලාභ ලබාදෙන රක්ෂණාවරණයක් ලෙස ‘ස්මාර්ට් ප්‍රොටෙක්ෂන්’ රක්ෂණාවරණය සමඟ එක්වනු ඇතැයි අපට විශ්වාසයි ” යනුවෙනි.

Visits: 122