වින්ඩ්ෆෝස් සමාගමත් ශත 75 බැගින් ලාභාංශ ගෙවීමට යයි

ඉතාමත් මෑතකදී කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත වූ සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් (WIND.N0000) සමාගම සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද දවසේදී රැස් වූ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් මේ දක්වා නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 75ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගම සඳහන් කරයි.

මෙය 2021/2022 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 05 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන ජූනි 14 වැනිදා නම් කෙරී තිබේ.

‍සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සඳහා එහි කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය නැත.

අද දිනය සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගමේ කොටසක මිල රුපියල් 18.80ක් ලෙස සටහන්ව තිබුණි. ඒ අනුව එය ඊයේ දිනයට සාපේක්ෂව කොටසක වටිනාකම ශත20 කින් එනම් -1.05% කින් පහත වැටීමකි.

Visits: 345