ලංකෙම් සහ විදුල්ලංකා හිමිකම් නිකුතුව සඳහා ගෙවීම් ජූනි 04 දක්වා දිගු වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකෙම් සිලෝන් පීඑල්සී සහ විදුල්ලංකා පීඑල්සී යන සමාගම් මගින් සිදු කර ඇති හිමිකම් නිකුතුව සඳහා ගෙවීම් සිදු කිරීම සඳහා ලබා දෙන කාලය ලබන ජූනි 04 දක්වා දීර්ඝ කර ඇතැයි පවසයි.

රට තුළ දැනට පවතින වසංගතය නිසා ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව සලකා බලා සමාගම් දෙකම මෙම තීරණය ගෙන තිබේ. සමාගම් දෙකම සිය කොටස් හිමිකරුවන් වෙත මේ සම්බන්ධයෙන් දැනුම්දී ඇත.

මේ අතරින් ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමේ හිමිකම් නිකුතුව පිළිගැනීම සහ ඒ සඳහා ගෙවිම් සිදු කිරීම සඳහා වන කාලය මැයි 28 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණි.

ඒ අනුව මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සමාගමේ ලේඛකාධිකාරී සමාගම වන කෝපරේට් මැනේජර්ස් ඇන්ඩ් සෙක්‍රටරීස් (පෞද්) සමාගම ඇමතීමෙන් ලබා ගත හැකි බවත් සඳහන් කෙරී ඇත. 0741979083, 0741979084 සහ 0741979085 යන අංක ඒ සඳහා ලබා දී තිබේ.

එසේම විදුල්ලංකා හිමිකම් නිකුතුව සම්බන්ධයෙන් එය පිළිගැනීම සහ මුදල් ගෙවීම ලබන මැයි 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් මෙම හිමිකම් නිකුතුවට අදාළ අනෙකුත් දින පසුගිය අප්‍රේල් 12 වැනිදා සිදු කළ නිවේදනයට අදාළව කිසිදු වෙනසක් නොවන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 213