රොයිටර්ස් හා ෆේස්බුක් එක්ව ඩිජිටල් ජනමාධ්‍යවේදී පාඨමාලාවක්

රොයිටර්ස් ඩිජිටල් ජනමාධ්‍යවේදී පාඨමාලාව නමින් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා, Facebook ජනමාධ්‍යවේදී ව්‍යාපෘතිය සහ රොයිටර්ස් අත්වැල් බැඳගෙන තිබේ. ඩිජිටල් වාර්තාකරණය සහ සංස්කරණය පිළිබඳව ශක්තිමත් පදනමක් ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ආසියා ශාන්තිකර කලාපීය රටවල් 9ක ජනමාධ්‍යවේදීන්ට සහාය ලබාදීම මෙම වැඩසටහනෙහි අරමුණ වේ.

“මෙම නව e-learning වැඩසටහන හඳුන්වාදීම සහ අපගේ කලාපයේ ජනමාධ්‍යවේදීන් වේගයෙන් වෙනස්වන ඩිජිටල් ප්‍ර‍වෘත්ති ක්ෂේත්‍ර‍ය තුළ කටයුතු කරන බැවින් ශක්තිමත් පදනමකින් ඔවුන්ට අවශ්‍ය දැනුම ලබාගැනීමට සහය ලබාදීම සඳහා රොයිටර්ස් සමගින් අත්වැල් බැඳගැනීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් Facebook ඉතාමත් ආඩම්බරයට පත් වෙනවා. කලාපීය ප්‍ර‍වෘත්ති සම්පාදකයින්ට අවශ්‍ය සහය ලබාදීමටත් ජනතාවට අවශ්‍ය පුවත් ලබාදෙමින් ඔවුන්ව දැනුවත් කිරීම සඳහා වාර්තාකරුවන්ට ඔවුන්ගේ රාජකාරිය අඛණ්ඩව කරගෙන යාමට අවස්ථාව සලසා දීමටත් අපි බැඳී සිටිනවා. ” යනුවෙන් ආසියා ශාන්තිකර කලාපීය Facebook හි (Facebook Asia Pacific) ප්‍ර‍වෘත්ති සහයෝගිතාවය පිළිබඳ අධ්‍යක්ෂ අංජලී කපූර් ප්‍ර‍කාශ කළාය.

රොයිටර්ස් ඩිජිටල් ජනමාධ්‍යවේදී පාඨමාලාව, පුළුල් පරාසයක විහිදි ඉගෙනුම් මූලාශ්‍ර‍ සහ නිබන්ධන යොදාගනිමින්, නවක ජනමාධ්‍යවේදීන්ට මෙන්ම ක්ෂේත්‍රයේ පළපුරුදු ජනමාධ්‍යවේදීන්ට ද එක හා සමානව අදාළ පදනම් දැනුම ලබාදෙන අතර ඩිජිටල් පුවත් ඒකරාශී කිරීම, තහවුරු කිරීම හා වාර්තා කිරීම, සමාජ මාධ්‍ය තුළ ඵලදායී ලෙස පළ කිරීම සහ සුවතාවය හා නම්‍යශීලිත්වය ලෙසින් කොටස් 4ක් යටතේ පාඨමාලාව පැවැත්වේ.

“ඩිජිටල් යුගයේ ප්‍ර‍වෘත්ති මාධ්‍ය ස්ථාවර වීමත් සමග, ආරක්ෂිතව සහ ඵලදායීව ඩිජිටල්කරණය සමග කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ” යනුවෙන් රොයිටර්ස්හි විධායක සංස්කාරක ජිනා චුආ පැවසීය. “පරිපූර්ණ ජනමාධ්‍යවේදයක් සඳහා පදනම සැකසීමට ලොව පුරා සිටින රොයිටර්ස් මාධ්‍යවේදීන් වෙතින් විශිෂ්ටතම දැනුම රොයිටර්ස් ඩිජිටල් ජනමාධ්‍යවේදී පාඨමාලාව ඔස්සේ පිරිනමන අතර ඔබ නවක ජනමාධ්‍යවේදියෙකු වුවත් ක්ෂේත්‍රයේ පළපුරුදු මාධ්‍යවේදියෙකු වුවත් දැනුමින් සන්නද්ධ වීමට මෙය ඉතා අගනා අවස්ථාවක්”

මෙම පාඨමාලාව නොමිලේ පැවැත්වෙන අතර https://reutersdigitaljournalism.com/?l=si ඔස්සේ පාඨමාලාව වෙත පිවිසිය හැකිය. වැඩි විස්තර සඳහා කරුණාකර අජංලී කපූර්ගේ බ්ලොග් අඩවිය වෙත පිවිසෙන්න.

Visits: 40