කෘෂිකාර්මික අංශය සඳහා සියපත ෆිනෑන්ස් “Agri Lease” හඳුන්වා දෙයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දේශයේ ජීවනාලිය බඳු ගොවි ජනතා පැතුම් ඉටුකරමින් “Agri Lease” නාමයෙන් විශේෂ ලීසිං පහසුකමක් හඳුන්වා දී ඇතැයි  පවසයි.

කෘෂිකර්මාන්තයේ නියැලි ගොවීන් වෙත” වගාකරුවන්ට මෙන්ම කෘෂිකර්මාන්තය හා සබැඳි ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා සඳහා නව කෘෂි තාක්ෂණික යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට හෝ දැනට භාවිතා කරන කෘෂිකාර්මික යන්ත‍්‍ර සූත‍්‍ර යාවත්කාල කරගැනීම සඳහා මෙම ලීසිං පහසුකම ලබාගත හැකිය.

ශ්‍රී ලාංකීය ආර්ථික සංවර්ධනය කෙරෙහි කෘෂිකර්මාන්තය දක්වන දැවැන්ත දායකත්වය කෙරෙහි අවධානය යොමු කළ සියපත ෆිනෑන්ස් ගොවි ජනතාවගේ සහ කෘෂිකර්මාන්තයේ නියැලි ව්‍යවසායකයන්ගේ මූල්‍ය අවශ්‍යතා කඩිනමින් හා පහසුවෙන් ඉටුකරදීම අරමුණු කරගනිමින් මෙලෙස “Agri Lease” හඳුන්වා දී තිබේ.

සියපත ෆිනෑන්ස් “Agri Lease”වෙතින් අඩුම වාරික ගාස්තු” මාසික හෝ වගා කෙරෙන කන්න අනුව නම්‍යශීලී නැවත ගෙවීමේ පහසුකම්ණය ඉල්ලූම් කිරීමේදී අවම ලියකියවිලි සහ කඩිනම් අනුමැතිය ලබාදෙන ක‍්‍රියාවලිය හඳුන්වා දී ඇත්තේ ගොවිජනතාවගේ ජීවන රිද්මය ඉතා හොඳින් හඳුනා ගනිමිනි.

ලීසිං සේවාව පිළිබඳ අදහස් දැක්වූ සියපත ෆිනෑන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා “ගොවීන්ටත් කෘෂිකර්මාන්තයේ නියැලූණ අනෙකුත් ව්‍යවසායකයන්ටත් ඔවුන්ගේ ජීවන රටාවට ගැලපෙන නම්‍යශීලී මූල්‍ය සේවාවක් ලබාදීමට Agri Lease ආරම්භ කළා. දේශීය ආර්ථිකය ගොඩනැංවීමෙහිලා අපේ ඉලක්කයේදී සමාජයේ එක් එක් පැතිකඩ ආවරණය කරමින් ජනතාව වෙනුවෙන් පහසු මූල්‍ය සේවාවන් හඳුන්වා දෙන්නට අප ඉදිරියේදීත් කැපවෙනවා.” යැයි පවසයි.

Visits: 53