‘කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා මූලික දැනුම’ වැඩසටහන හෙට (20දා) නොමිලේ

කොළඹ කොටස් හුවමාරුව මගින් සංවිධානය කරනු ලබන අධ්‍යාපනික සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේ කොළඹ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මූලික දැනුම ලබා දීම සඳහා පවත්වන වැඩසටහනක් ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

අන්තර්ජාල ZOOM ක්‍රමවේදය හරහා පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය එදින පස්වරු 6.00 සිට 7.30 දක්වා සංවිධානය කිරීමට නියමිතව ඇත. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නක් බවත් කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කෙරෙහි උනන්දුවක් දක්වන සියලු දෙනා වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙම ඔන්ලයින් සම්මන්ත්‍රණයේදී කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට අවශ්‍ය වන මූලික කරුණු පිළිබඳව දැනුවත් කරනු ලැබේ.

ඒ අනුව කොටස් වෙළෙඳ පොළ හැඳින්වීම, කොටස් මිලදී ගැනීම, ආයෝජනය ආරම්භ කිරීම, මධ්‍යම තැන්පතු ක්‍රමය හැඳින්වීම, CSE මොබයිල් ඇප් හරහා CDS ගිණුමක් විවෘත කර ගැනීම, කොටස් වෙළෙඳ පොළෙහි හුවමාරු වන සුරැකුම්පත් වර්ග, ප්‍රතිලාභ හ අවාදනම් හඳුනාගැනීම, තැරැව්කාර සමාගම් තෝරා ගැනීම හා එහි කාර්ය භාරය, කොටස් මිලදී ගැනීම සහ ගනුදෙනු ක්‍රියාත්මක කිරීම සහ කොටස් වෙළෙඳ පොළෙහි ගණනය කරන මිල දර්ශක ආදී කරුණු ගැන දැනුවත් කරන බව සංවිධායකයන් සඳහන් කරයි.

https://us02web.zoom.us/webinar/register/WN_erZ7DqdhSdiojRhXgpKFiw යන වෙබ් ලිපිනය හරහා මෙම වැඩසටහන අදාළ ලින්ක් එක වෙත ලියාපදිංචි විය යුතුය.

මෙහිදී වැඩිදුර තොරතුරු සඳහා 071 387 1100 හෝ 041 222 0094 යන දුරකතන අංක ඇමතිය හැකිය.

Visits: 394