ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී ලාභාංශ ගෙවීම ශත 50 යි!

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙහිදී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 50 බැගින් මෙම ලාභාංශ ගෙවීමට තීරණය කෙරී ඇත.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සිදු කරන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූනි 21 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 01 වැනිදා නම් කෙරී තිබේ.

ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීම සඳහා එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය නොවෙයි.

අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 23.20ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊයේ දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 23ට සාපේක්ෂව ශත 20ක එනම් 0.87% ක ඉහළ යාමකි.

Visits: 257