#StopTheSpread in Sri Lanka කොරෝනා මර්දනයට කොකා-කෝලා වෙතින් රු. මිලියන 45ක්

මේ වන විට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ්-19 වසංගතයේ තුන්වැනි රැල්ල මැඩපැවැත්වීමේ වෑයමට සවියක් වෙමින්, දැනට ක්‍රියාත්මකවන සහන සැලසීමේ ජාතික වැඩපිළිවෙලට දායක වන කොකා-කෝලා සමාගම රුපියල් මිලියන 45ක මුදලක් ඒ සඳහා පරිත්‍යාග කර ඇතැයි පවසයි.

පෞද්ගලික ආරක්ෂක ඇඳූම් කට්ටල (PPE) සපයාදීම මගින්, වසංගත රෝගයට මුහුණ දෙමින් ඉදිරිපෙළ සේවය කරන කාර්ය මණ්ඩල සේවකයින් අතර කොවිඩ්-19 පැතිර යාම අවම කිරීම, සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සපයාදීම මෙම කර්තව්‍යයේ අරමුණ වේ.

එසේම මෙම වැඩපිළිවෙල හරහා එන්නත්කරණය සහ වසංගතය පාලනය කිරීමේ නිවැරදි සෞඛ්‍යාරක්ෂණ පියවර පිළිබඳව දැනුවත් කිරීම තුළින් දහස් සංඛ්‍යාත ජන ජීවිතවලට, සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීමට හැකි වනු ඇත. කොකා-කෝලා ශ්‍රී ලංකා සමාගම සෞඛ්‍ය අංශ සමඟ සමීපව කටයුතු කරමින් කොවිඩ් වෛරසය බහුලව ව්‍යාප්ත ප්‍රදේශ හා අවශ්‍යතාවන් හඳුනාගැනීමට කටයුතු කරනු ලබයි. 

පවතින වසංගතය පාලනය කිරීමට සිය දායකත්වය පිරිනමමින් කොකා-කෝලා සමාගම “Stop the Spread” නමින් ගෝලීය අරමුදලක් නිර්මාණය කර තිබේ. එන්නත් බෙදාහැරීම, කොවිඩ් ආරක්ෂණ උපකරණ කට්ටල (PPE – මුහුණු ආවරණ, අත්වැසුම්, විෂබීජ නාශක දියර) සහ එන්නත් ලබාගැනීම පිළිබඳව දැනුවත් කිරීම හා වසංගතය පැතිරී යාම අවම කිරීම සඳහා නිසි සෞඛ්‍යාරක්ෂණ පුරුදු පෙන්වා දීම වැනි කටයුතු වෙනුවෙන් මෙම අරමුදල යොදවනු ලැබේ.

මෙම වැඩසටහන, කොකා-කෝලා සමාගම ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට ලබාදෙන දායකත්වයට එක් වූ තවත් නව අදියරකි. කොවිඩ්-19 වසංගතය මැඩපැවැත්වීමට ගත් ජාතික උත්සාහයට සවියක් වෙමින් 2020 අප්‍රේල් මාසයේදී කොකා-කෝලා සමාගම රුපියල් මිලියන 130ක මුදලක් පිරිනමන ලදී.

එහිදී කොකා-කෝලා සමාගම PCR පරීක්ෂණ කට්ටල 16,800 ක් සහ VTM 17,000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීම, අවදානමට ලක්වීමේ ඉඩ ඇති පවුල් 6,175කට වියලි ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ ප්‍රථමාධාර ඇතුළත සහන මළු බෙදාහැරීම, ගම්පහ ප්‍රදේශයේ රෝහල් සහ පොලිස් ස්ථාන වැනි අත්‍යවශ්‍ය සේවා ස්ථානවල විෂබීජ නාශක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළුව 25,000කට අධික ශ්‍රී ලාංකික ජන ජීවිතවලට සුබසිද්ධිය සලසන වැඩසටහන් රැසක් ගත වූ වසර මුළුල්ලේ දියත් කර තිබේ.

Visits: 73