නිවසේ වහල මත සූර්ය බල පද්ධතියක් සවිකිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

වර්තමානයේදී මෙරට බොහෝ දෙනා අතර වහල මත සවිකරන සූර්ය බල පද්ධති සඳහා වැඩි යොමුවීමක් දක්නට ලැබෙයි. ඒ සඳහා පහසුකම් සලසන ආයතන රැසක්ම මේ වනවිට බිහිව ඇති අතර, රජය මගින්ද මෙවැනි ගෘහස්ථ සූර්ය  බල පද්ධති සඳහා වන ණය සහන යනාදියද ලබා දීම සිදු කරයි.

එසේම සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම එක්ව සිදු කරන සුර්ය බල සංග්‍රාමය නම් වැඩසටහන හරහාද මෙරට තුල සූර්ය විදුලිබල උත්පාදනය ඉහළ නැංවීම සඳහා වන කටයුතු සිදු කරමින් සිටියි. වසර 2025 වන විට මෙගාවොට් 1,000ක ධාරිතාවකින් යුත් සූර්ය බල විදුලියක් නිපදවීම මෙම ව්‍යාපෘතියේ අරමුණවී තිබේ.

කෙසේ වෙතත් මෙවැනි වහලමත සූර්ය බල පද්ධතියක් සවි කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු බොහෝමයක් වන බව ශ්‍රීලංකා මහජන උපයෝගිතා කොමිෂම සඳහන් කරයි. එහිදී මූලිකවම වහලයේ ශක්තිමත් බව, වහලයට ලැබෙන ආලෝක ප්‍රමාණය යනාදිය පිළිබඳව විමසා බැලිය යුතුය. එහිදී විශේෂයෙන්ම මෙවැනි සූර්ය බල පද්ධති සවි කරන ආයතන සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ.

එම අධිකාරිය සඳහන් කරන ආකාරයට අද වනවිට මෙලෙස වහලමත සවි කරන ගෘහස්ථ සූර්ය බල පද්ධති සවි කරන ආයතන විශාල ප්‍රමාණයක් ඇතත් පාරිභෝගිකයන් වශයෙන් අප තෝරාගත යුත්තේ සුනිත්‍යා බලශක්ති අධිකාරියේ ලියාපදිංචි ආයතනයකි.එසේ නොවන ආයතනයක් විසින් සවිකරනු ලබන සූර්ය බලපද්ධති ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමේදී ගැටලු ඇතිවීම ඊට හේතුවයි.

වහලයේ ශක්තිමත්බව
විවිධ ධාරිතාවයෙන් යුතු සූර්ය පැනල වෙළද පොලෙ පවතී. වොට් අගය 320 වන සූර්ය පැනලයක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 23 පමන වේ. ඔබ කිලෝ වොට් 2ක බල පද්ධතියක් පිහිටවීමට බලාපොරොත්තු වේනම් සූර්ය පැනල 6ක් සවි කලයුතු අතර ආසන්නම බර කිලෝ ග්‍රෑම් 138ක් පමණ වේ.අවශ්‍ය ධාරිතාව ඉහල යනවිට වහලය මත බරද ඉහල යයි. මේ නිසා ඔබ වහලයේ ශක්තිමත් බව පිලිබඳව සැලකිලිමත් වීම අනිවාර්‍ය වේ.

වහලයට ලැබෙන ආලෝක ප්‍රමාණය
ඔබ නිවසේ වහලය මත පතිතවන අලෝකය අවට වූ ගස් හෝ ගොඩනැගිලි නිසා අඩුවේනම් එවැනි බාදක පිළිබඳ සැලකිලිමත් වන්න

සූර්‍ය බල පද්ධතියක් සවිකරන්න ආයතනයක් තෝරා ගැනීම
සූර්ය බල පද්ධතියක් සවිකරන ආයතන විශාල ප්‍රමානයක් ඇතත් ඔබ තෝරාගත යුත්තේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපද්න්චි ආයතනයකි. එසේ නොවන ආයතනයක් විසින් සවි කරනු ලැබූ බලාගාරයක් ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමේදී ගැටළු ඇති විය හැක

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි ආයතන ලැයිස්තුව

ඒ අනුව සූර්ය බල පද්ධතියක් සවි කිරීමේදී, ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගමෙහි නිර්දේශයන්ට හා ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ ලියාපදිංචි සුදුසුකම්ලත් සේවා සැපයුම් ආයතන තෝරාගැනීම කළ යුතුය.

එසේම සුර්ය බල පද්ධති ස්ථාපනයේදි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI : 1522) මගින් හඳුන්වාදී ඇති ප්‍රමිති කාර්යය සංග්‍රහයට අනුකූලව ඉහළ ප්‍රමිතියෙන්යුත් සූර්ය පැනල, ඉන්වර්ටර්, සූර්ය බල පද්ධති සපයන පළපුරුදු තාක්ෂණික නිලධාරීන් සිටින ආයතනයක් තෝරාගැනීම කළ යුතුය.

එහිදී තෝරා ගත් ආයතනය මගින් ඔබට අවශ්‍ය ධාරිතාවයට සපුරාලන සූර්ය පැනල සහ ඉන්වර්ටරය සවි කරනු ලැබේ.

සූර්ය පැනලයක් තෝරා ගැනීමේදී “A” වර්ගයට අයත් සූර්ය පැනල සවිකිරීමට වගබලා ගන්න. එම පැනල වල කාර්‍යක්ෂමතාව සහ කල් පැවැත්ම ඉහල වේ.

මෙහිදී අරමුණු 2ක් මත ඔබට නිවසේ සූර්ය බලගාරයක් සවිකර ගත හැක.

  1. ඔබ මාසිකව භාවිතාකරන විදුලි ඒකක ගනනට සමාන ඒකක ගනනක් උත්පාදනය කිරීමේ අරමුණ (Net Metering)

 මෙහිදී ඔබ නිපදවන විදුලිය වෙනුවෙන් මුදල් ගෙවීමක් සිදු නොකරනු ලැබේ. මෙහිදී ඔබ සවි කරගත යුතු විදුලි බල පද්ධතීයේ ධාරිතාව තීරනය කළ යුත්තේ ඔබ මසකට භාවිතා කරන විදුලි ඒකක ගනන් අනුවයි.

උදාහරනයක් ලෙස නිවසේ මසක විදුලි පාරිභෝජනය ඒකක 200ක් පමන වේනම් ඔබ කිලෝ වොට් 2ක ධාරිතාවයෙන් යුතු පද්ධතියක් සවිකිරීම සෑහේ. (1kW=115-120 units per month) 2kW ධාරිතාව්යෙන් යුතු පද්ධතියක් සඳහා ආසන්න වශයෙන් රු.ලක්ෂ 5 පමන ආයෝජනයක් සිදුකල යුතු වේ.

මේ නිසා ඔබගේ මාසික පරිභෝජනය ඒකක 200 වඩා අඩු වේනම් ඔබට ආයෝජනය පියවා ගැනීමට ඉතා දීර්ග කාළයක් ගතවනු ඇත. තවද ඔබ පාරිභෝජනයට වඩා උත්පාදනය කලේනම් අතිරික්තය තැන්පතු ලෙස සටහන් වන අතර එම තැන්පතු ඒකක ඔබට වසර 10ක කාලයක් තුල භාවිතා කළ හැක.

  • ආදායමක් ලබා ගැනීමේ අරමුණින් විදුලි උත්පාදනය කිරීම (Net Accounting and Net Plus)

නෙට් එකවුන්ටින් (Net Accounting)
මෙම ආකාරයෙදී ඔබ උත්පාදනයා කරන ඒකක ප්‍රමාණයෙන් මාසිකව පරිභෝජනය කළ විදුලි ඒකක ප්‍රමාණය අඩුකර, වැඩිපුර උත්පාදනය කෙරුනු ඒකකයකට රු. 22.00 (වසර 7ක් දක්වා) බැගින් සේවා සපයන්නා ඔබට ගෙවනු ලැබේ. (මුල් වසර 7න් පසුව එක් ඒකකයකට රු 15.50 බැගින් ගෙවනු ලැබේ.). ඔබ පාරිභෝජනය කල ඒක ප්‍රමානය වැඩිනම් ඊට අදාල විදුලි බිල ගෙවිය යුතුවේ.

නෙට් ප්ලස් (Net Plus)
මෙහිදී ඔබ උත්පාදනය කල විදුලි ඒකක ප්‍රමානය අනුව ඒකකයකට මුදලක් ගෙවෙනු ලබන අතර ඔබ පාරිභෝජනය කල විදුලි ඒකක ප්‍රමානයට බිල් පත වෙනම ලැබෙනු ඇත.

Visits: 254