බිල් ගේට්ස්ට මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ඉවත්වීමට හේතු වුණේ අනියම් සබඳතාවක්ලු?

සුප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල්ගේට්ස් හට පසුගිය 2020 වසරේදී එහි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්වීමට සිදු වුණේ සමාගමේ ඉංජිනේරුවරියක සහ ඔහු අතර පැවැති අනියම් සබඳතාවක් බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

ඒ අනුව මෙම සබදතාව සම්බන්ධයෙන් එල්ල වූ අනාවරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන ඇති අතර, එවැන්නක් සිදුවන අවස්ථාවේදී බිල්ගේට්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිටීම සුදුසු නොවීම මෙලෙස ඔහු ඉන් ඉවත් කිරීමට හේතුවී තිබෙන බව මෙම අනාවරණය මගින් සඳහන් කර තිබේ.

එහිදී සමාගම 2019 වසරේ අග භාගයේදී මේ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා නීතීඥ සමාගමක සහායද ලබා ගෙන තිබෙ.

මෙම කාන්තා ඉංජිනේරුවරිය ලිපියක් මගින් සඳහන් කර ඇති ආකාරයට ඇය සහ බිල්ගේට්ස් අතර වසර කිහිපයක් තිස්සේම ලිංගික සබඳතා පවත්වා ගෙන ගොස් ඇත.

ඒ අනුව මෙම චෝදනාව පිළිබඳව විමර්ශනය කිරිමට පෙරම බිල් ගේට්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්ව තිබෙන බවක් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් නමක් සඳහන් නොකළ බිල්ගේට්ස්ගේ ප්‍රකාශිකාවක පවසන ආකාරයට දැනට වසර 20කට පමණ පෙර බිල්ගේට්ස් අතර මෙවැනි අනියම් සබඳතාවක් පැවැත්වී ඇති අතර, මෙම ආසන්නතම අධ්‍යක්ෂ මණ්ඩල ධුර ඉවත්වීම සඳහා එවැන්නක් හේතු වී නැත.

එසේම බිල්ගේට්ස් පවා පසුගිය වසරේදී මයික්‍රොසොෆ්ට් අධ්‍යක්ෂ මණ්ඩල ධුරයෙන් ඉවත්වීමට හේතු ලෙස පවසා සිටියේ, තමන් ක්‍රියාත්මක කරන ඉදිරි පුණ්‍යාධාර කටයුතු වෙත අවධානය යොමු කිරීමේ අරමුණින් එම තීරණය ගත් බවකි.

මේ අතර බිල්ගේට්ස් සහ එහුගේ බිරිඳ වන මෙලින්ඩා ගේට්ස්ද දෙදෙනා අතර වසර 27ක් පුරා පැවැති විවාහ දිවිය නිමා කරමින් පසුගියදා සිය දික්කසාදය ප්‍රකාශයට පත් කර තිබේ.

Visits: 195