ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඕස්ට්‍රේලියාව වෙත යන ගුවන් මගීන්ට දැනුම් දීමක්

කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඕස්ට්‍රේලියාව වෙත යන ගුවන් මගීන්ට 2021 මැයි 15 වන දින සිට ගුවන් ගමන් පරීක්ෂා කිරීමට පෙර Rapid Antigen පරීක්ෂණයක් අවශ්‍ය බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ඕස්ට්‍රේලියාව හෝ ඒ හරහා සංක්‍රමණය වන සංචාරකයින් සඳහා COVID-19 අදාල PCR පරීක්ෂණ ප්‍රතිඵලයක් අවශ්‍ය වේ. නියමිත පිටත්වීමට පැය 72 ක් හෝ ඊට අඩු කාලයක් තුළමෙම COVID-19 PCR පරීක්ෂණ වාර්තාව  ගුවන් සමාගමට ඉදිරිපත් කළ යුතුය.

මීට අමතරව, ඕස්ට්‍රේලියාවට පිටත් වීමට  පෙර COVID-19 අදාල Rapid Antigen result ප්‍රතිඵලයක් අවශ්‍ය වේ.ගුවන් ගමන සඳහා නියමිත පිටත්වීමට පැය 8 ක් හෝ ඊට අඩු කාලයක් තුළ එම පරීක්ෂණයේ ප්‍රතිඵල ගුවන් සමාගමට ඉදිරිපත් කළ යුතුය.

 RAT පරීක්ෂණය කොළඹ සහ මීගමුව පිහිටි කිංග්ස් රෝහල, ආසිරි රෝහල, නවලෝක රෝහල් හරහා සිදු කළ හැකිය. පරීක්ෂණයේ අරමුණ දැනුම් දීමෙන් රෝහල සමඟ පූර්ව හමුවීමක් සැලසුම් කර ගත හැකිය. පරීක්ෂා කිරීමෙන් පසු එම පරීක්ෂණ ප්‍රතිඵලය ඊමේල් දැනුම්දීමක් සහ මුද්‍රිත පිටපතක් ගුවන් ගමන් පරීක්ෂාවට පෙර ඉදිරිපත් කළ යුතුය.

ගුවන් මගීන්ට වැඩිදුර තොරතුරු ඔවුන්ගේ සංචාරක නියෝජිතයා ඇමතීමෙන් හෝ +94117771979 දුරකතන අංකයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලබාගත හැක. නැතහොත් අපගේ වෙබ් අඩවිය www.srilankan.com වෙත පිවිසෙන ලෙසත් ශ්‍රීලංක්න ගුවන් සමාගම පවසයි.

Visits: 190