ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා කොටසකට රු. 5 බැගින් ලාභාංශ ගෙවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී සමාගම සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 5ක් බැගින් ලාභාංශ ගෙවීමට මෙහිදී තීරණය වී ඇත.

මෙය 2021 මූල්‍ය වර්ෂය සඳහා වන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූනි 04 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මැයි 24 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 93.60ක් ලෙස සටහන් විය. එය ඊට පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 93.00 ට සාපේක්ෂව ශත 60ක එනම් 0.65%ක ඉහළ යාමකි.

Visits: 262