හේලීස් ෆැබ්රික් ශත 10 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේලිස් ෆැබ්රික් පීඑල්සී සමාගම සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කෙරී ඇත.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 10 බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා සිදු කරන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද හේලීස් ෆයිබර් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

2021 ජූලි 09 වැනිදා මෙම ලාභාංශ ගෙවන දිනය ලෙස නම් කෙරී ඇත. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන ජූනි 29 වැනිදා ප්‍රකාශයට පත් කෙරී තිබේ.

මෙහිදී අදාල ලාභාංශ ගෙවීම සඳහා සමාගමෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇති අතර, ඒ සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 28 වැනිදා පැවැත්වීමටද නියමිතව තිබේ.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී හේලීස් ෆැබ්රික් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 18.10ක් ලෙස සටහන් විය. එය ඊයේ දිනයේදී එම කොටසක වටිනාකම වූ රුපියල් 18.50ට සාපේක්ෂව ශත 40ක එනම් -2.16%ක පසු බැසීමකි.

හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම පසුගිය මාර්තු මාසයේදීද සිය කොටස්හිමිකරුවන් සඳහා ශත 25 බැගින් ලාභාංශ ගෙවීමක්ද සිදු කර තිබුණී. එහිදී එය 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා වන තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සටහන් විය.

Visits: 154