උසස් පෙළ විශිෂ්ටයින්ට මහජන බැංකුවෙන් තිළිණ

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විවිධ ධාරාවන්ගෙන් දිවයිනෙන්ම ප‍්‍රථම ස්ථාන හිමිකරගත් සිසු දරු දැරියන්ට රුපියල් ලක්ෂය බැගින් වටිනා මුදල් තිළිණ පිරිනැමීමට මහජන බැංකුව පියවර ගත් බව පවසයි.

ඒ අනුව ජිව විද්‍යා විෂය ධාරාවෙන් ප‍්‍රථම ස්ථානය දිනූ කොළඹ රාජකීය විද්‍යාලයේ ප‍්‍රවීන් විජේසිංහ, යාපනය චාවකච්චේරි හින්දු විද්‍යාලයේ ධනරාජ් සුන්දර්භවන්, කලා විෂය ධාරාවෙන් ප‍්‍රථම ස්ථානය හිමිකරගත් දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයේ චමල්කා සෙව්මිණි, වාණිජ විෂය ධාරාවෙන් ප‍්‍රථම ස්ථානය හිමිකරගත් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක යන සිසු වියන්ට මුදල් තිලිණ හිමිව ඇත.

එසේම ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් ප‍්‍රථම ස්ථානය හිමිකරගත් හොරණ තක්ෂිලා විද්‍යාලයේ සුසික සඳසර, ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවෙන් ප‍්‍රථම ස්ථානය හිමිකරගත් හොරණ තක්ෂිලා විද්‍යාලයේ අශාන් චානුක යන දරු දැරියන්ට මුදල් තිළිණ පිරිනැමිනි.

මෙම අවස්ථාවන්ට මහජන බැංකුවේ ප‍්‍රාදේශිය කළමනාකරුවන් වන එන්. කේ විමලසිරි, ලාල් පීරිස්, එම්.එම්.ඒ රිස්මි, අනුර පෙරේරා යන මහත්වරුන් ඇතුඵ සහකාර ප‍්‍රාදේශිය කළමනාකාර කළමනාකරිවරියන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන් ද සහභාගි වී තිබේ.

Visits: 64