අප්‍රේල් 30 වන විට බැංකු සඳහා වන Fitch වර්ගීකරණයන් මෙන්න

ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන Fitch Ratings මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරන ලද ජාතික වර්ගීකරණයේ අලුත්ම වාර්තාව පසුගියදා නිකුත් විය. එහිදී සුපුරුදු ලෙස බැංකු, කල්බදු සහ මූල්‍ය සමාගම්, අනෙකුත් සමාගම් සහ රක්ෂණ සමාගම් හිමි කරගෙන තිබූ වර්ගීකරණයන් සටහන්ව ඇත.

ඒ අනුව 2021 අප්‍රේල් 30 වැනිදා වනවිට මෙරට බැංකු හිමි කරගෙන තිබූ වර්ගීකරණයන් සහ ඉදිරි දැක්ම මෙහි ඇතුළත්ව ඇත. එහිදී සියලුම බැංකු සඳහා වන ණය වර්ගීකරණයේ ඉදිරි දැක්ම ස්ථාවර තත්ත්වයෙන් ප්‍රකාශයට පත් කෙරී තිබේ.

මෙහිදී සිටිබැංකුව – කොළඹ ශාඛාව ජාතික දිගු-කාලීන වර්ගීකරණය AAA (lka) ලෙස සටහන්ව ඇත. එසේම ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවත් AAA (lka) ලෙස වර්ගීකරණය වී තිබේ.

මේ අතර ලංකා බැංකුව, මහජන බැංකුව සහ කොමර්ෂල් බැංකුවේ දිගුකාලීන වර්ගීකරණය AA-(lka) ලෙස සටහන්ව ඇත. ඩීඑෆ්සීසී බැංකුව A+(lka) ලෙසත්, හැටන් නැෂනල් බැංකුව AA-(lka) ලෙසත් සටහන්ව ඇත. එසේම නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව A+(lka) මට්ටමට වර්ග කෙරී තිබේ.

සම්පත් බැංකුවෙහි වර්ගීකරණය AA-(lka) වෙයි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සෙලාන්බැංකුව A (lka) ලෙස සටහන්ව ඇත. පෑන් ඒෂියා බැංකුවේ වර්ගීකරණය BBB-(lka) වෙයි.

මීට අමතරව සණස සංවර්ධන බැංකුව BB+(lka) ලෙසත්, යුනියන් බැංකුව BBB-(lka) ලෙසත්, අමානා බැංකුව සහ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව BB+(lka) ලෙසත් වර්ග කෙරී තිබේ. කාර්ගිල්ස් බැංකුවෙහි වර්ගීකරණය AA-(lka) ලෙස සටහන්ව ඇත.

Visits: 1679