ඇමෙරිකානු තානාපති කාර්යාලය කොළඹ 2,3,4,5 සහ 7න් දේපළ සොයයි?

කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය කොළඹ 2,3,4,5 සහ 7 යන ප්‍රදේශවලින් බදු පදනම මත දේපළ මිලදී ගැනීම සඳහා බලාපොරොත්තුව සිටින බව පවසයි.

“ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත නිවසක් කුලියට දීමට කැමැතිද?” යන සිරස්තලයෙන් යුක්තව ඔවුන් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව මෙම දේපළ ඉතාමත් හොඳින් නඩත්තුව තිබිය යුතු බවත්, අදාළ දේපළ පිළීබඳ තොරතුරු colomboproperty@state.gov යන ඉමේල් ලිපිනය වෙත එවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එහිදී එම දේපළෙහි ඡායාරූප, වර්ගඅඩි ප්‍රමාණය, කාමර සංඛ්‍යාව, පිහිටීම සහ යෝජනා කරන මාසික කුලිය පිළිබඳවද දැනුම් දෙන ලෙස සටහන් කර තිබේ.

Visits: 181