හරිස්චන්ද්‍ර මිල්ස් කොටසකට රු. 20 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 20.00ක් බැගින් ලාභාංශ ගෙවීමට මෙහිදී තීරණය වී ඇත.

මෙය 2021 වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස 2021 ජූනි 01 වැනිදා නම් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මැයි 12 වැනිදා ප්‍රකාශ කෙරී ඇත.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීම සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැත.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමා වන විට හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 3,431.00ක් ලෙස සටහන්ව තිබුණි.

Visits: 370