මහජන බැංකු 2020 වාර්ෂික වාර්තාව රාජ්‍ය ඇමති කබ්රාල්ට

මහජන බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව මුදල්, ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පිළිගැන්වීම පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී සිදුව තිබේ.

බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා අතින් මෙම වාර්තාව රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලබා දීම සිදුව ඇත.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි  රංජිත් කොඩිතුවක්කු සහ මූල්‍ය ප්‍රධානි අසාම් ඒ. අහමඩ් යන මහත්වරුන්ද සහභාගි වූ බව මහජන බැංකුව පවසයි.

Visits: 91