ශ්‍රී ලංකා මහ බැංකුව 2020 වාර්ෂික වාර්තාව නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සම්පාදනය කෙරුණු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වාර්ෂික වාර්තාව 2020 එහි අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද දිනයේදී අගමැති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම සිදු කර තිබේ.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම වාර්ෂික වාර්තාව නිකුත් කරයි. මෙය මහ බැංකුව මගින් නිකුත් කළ 71 වැනි වාර්ෂික වාර්තා බවද සඳහන් වෙයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නියෝජ්‍ය අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන මහතා සහ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.

Visits: 211