සෙලින්කෝ ඉන්ෂුවරන්ස් රුපියල් 40 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ හමුවකදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්දහිමි කොටස් සඳහා මෙන්ම නිෂ්ඡන්ද කොටස් සඳහාද කොටසකට රුපියල් 40 බැගින් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇත.

මෙය 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක් බවද සමාගම සඳහන් කරයි.

ලබන මැයි 18 වැනිදා මෙම ලාභාංශ ගෙවන දිනය ලෙස නම් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මැයි 06 වැනිදා ප්‍රකාශයට පත් කෙරී තිබේ.

සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙ ලාභාංශ ගෙවීම සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැත.

අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී හි කොටසක වටිනාකම රුපියල් 1,100.00ක් ලෙස සටහන්ව තිබූ අතර එය ඊයේ සටහන් වූ රුපියල් 1,065.25ට සාපේක්ෂව කොටසක වටිනාකම රුපියල් 34.75ක එනම් 3.26%ක ඉහළ යාමකි.

Visits: 322