ප්‍රයිම් රෙසිඩෙන්සීස් IPO පිළිබඳ අන්තර්ජාල ආයෝජක හමුව අද

කොළඹ කොටස් හුවමාරුව තුළ මූලික මහජන නිකුතුවක් සිදු කිරීම සඳහා සූදානමින් සිටින මෙරට මුල් පෙළේ දේපළ වෙළෙඳ සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් මගින් සංවිධානය කරනු ලබන අන්තර්ජාල ආයෝජක හමුවක් (Virtual Investor Forum) අද සවස පැවැත්වෙන බව එම සමාගම පවසයි.

ඒ අනුව අද සවස 4.00ට සූම් තාක්ෂණය ඔස්සේ මෙම ආයෝජක හමුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම මූලික මහජන කොටස් නිකුතුවෙහි මූල්‍ය උපදේශකවරයා සහ කළමනාකරු වන Acuity සමාගමේ මූලිකත්වයෙන් මෙය සංවිධානය කෙරේ.

https://bit.ly/3gL6TEf හරහා පිවිස මෙම Prime Lands Residencies IPO – Virtual Investor Forum වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව ඇත.

මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී පළමු නිකුත් කිරීම ලෙස ප්‍රයිම් රෙසිඩෙන්සීස් සමාගම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 100ක් නිකුත් කරයි. ඒ සඳහා හිමි වන අධි ඉල්ලුමත් සමගින් තවත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 87.5ක් නිකුත් කිරීමටද සමාගම සූදානමින් සිටියි.

මෙහිදී එක් කොටසක් රුපියල් 10.40 බැගින් නිකුත් කෙරෙන අතර සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 1,950කි.

Visits: 233