Fashion Bug – JOBBS ACTIVE බෙන්ස්-වෙස්ලි ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය ලබා දෙයි

වසර 125 ක ක්‍රිකට් උරුමය සමරමින් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර සමාරම්භක ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතී. කාට්මන් කුසලානය සඳහා පාසල් දෙක 2021 අප්‍රියෙල් 23 සහ 24 යන දෙදින තුළ තරග වැදුණු අතර ලූක් ග්‍රෙගරි පලිහ සඳහා ඕවර 50 තරගය 2021 මැයි 8 වන දින පැවැත්වීමට නියමිතය.

කාට්මන් කුසලානය වෙස්ලි විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වන ගරු ජේම්ස් කාට්මන් පියතුමා සිහිපත් කිරීමට සහ ලූක් ග්‍රෙගරි පලිහ ශාන්ත බෙනඩික්ට්  විද්‍යාලයේ හිටපු අධ්‍යක්ෂ පූජ්‍ය ලූක් ග්‍රෙගරි සහෝදරතුමා සිහිපත් කිරීම වෙනුවෙන් එම නම්වලින් හඳුන්වයි.

Fashion Bug ආයතනයමගින් හඳුන්වා දෙන පිරිමික්‍රීඩාඇඳුම්සන්නාමය වන JOBBS ACTIVE, මෙම තරගාවලිය සඳහා නිල ඇඳුම් අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර එම අනුග්‍රාහකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පසුගියදා කොළඹ හිල්ටන්හෝටලයේ දී පැවති මාධ්‍ය හමුවකදී සිදුකෙරිණි.

2019 වසරේ දී හඳුන්වා දුන් JOBBS ACTIVE සන්නාමය විලාසිතාමය, සුවපහසු, නම්‍යශීලී, කල් පවතින හා උසස් තත්ත්වයේ ක්‍රීඩා ඇඳුම් සහ පිරිමින් සඳහා වන උපාංග එකතුවකි. කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ පෙළේ ඇඟලුම්අලෙවි ජාලයක් ලෙස,මෙරටතාරුණ්‍යයේ අවශ්‍යතාවන් හොඳින් හඳුනා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත මෙන්ම තමාටම ආවේණික වූඇඟලුම්එකතුවක් JOBBS ACTIVE සන්නාමය යටතේ හඳුන්වාදීමට Fashion Bug ආයතනය කටයුතු කළේය.

සෞඛ්‍ය සම්පන්න හා ක්‍රියාශීලී ජීවන රටාවකට යොමුවීමට තම පාරිභෝගික ජනතාව දිරිගැන්වීම Fashion Bug ආයතනයේ ප්‍රධානතම අරමුණයි. ඔවුන් මෙම ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දැක්වීමට තීරණය කරන ලද්දේ ද ක්‍රීඩාවට සහ ක්‍රීඩාශීලී ජීවන රටාවකට සහයෝගය දැක්වීම වෙනුවෙනි. Fashion Bug ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ෂබීර් සුබියන් මහතා මෙසේ පැවසීය.

“අද වෙනකොට ක්‍රිකට් ශ්‍රී ලංකාවේ සංස්කෘතියක් බවට පත් වෙලා තිබෙනවා. මෙය මේ රටේ තරුණ තරුණියන් පාසල් යන කාලයේ ඉඳලා, සමහරවිට ඊටත් පෙර ඉඳලා වඩාත් ආදරය කරන ක්‍රීඩාවක්. තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව ලබා දෙන සන්නාමයක් විදියට මෙම  පාසැල් ක්‍රිකට් තරගාවලිය සඳහා නිල ඇඳුම් සහකරු වීම ගැන අපි ඉතාමත් ආඩම්බර වෙනවා ”.

Visits: 35