EFL ශ්‍රී ලංකාවේ පළමු ‘කාබන් නිෂ්ක්‍රීය’ ලොජිස්ටික් සේවා සමාගම වෙයි

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක තෙවැනි පාර්ශ්වයේ භාණ්ඩ ප්‍රවාහන සේවා (ලොජිස්ටික්) සමාගමක් වන එක්ස්පෝ ෆ්‍රයිට් ලංකා (EFL 3PL) සමාගම සිය තිරසාර මෙහෙයුම් ආදර්ශය සඳහා ‘කාබන් නිෂ්ක්‍රීය’ සහතිකය දිනා ගැනීමට පසුගියදා සමත් වූ බව පවසයි.

2016 වසරේ සිට ක්‍රියාත්මක කර තිබෙන ක්‍රමවත් මුලපිරීම් යටතේ සිය ව්‍යාපාරික මෙහෙයුම් වඩාත් කාරයක්ෂමව සහ තිරසාරව සිදු කිරීමේ ආදර්ශය වෙනුවෙන් මෙම සහතිකය හිමි වූ බව EFL සමාගම සඳහන් කර සිටියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද වනවිට සමාගම පුරා වන කාබන් පියසටහන් 90%ක පමණ ප්‍රතිශතයකින් අඩු කරගැනීමට හැකියාව ලැබී තිබේ.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම වැඩපිළිවෙල යටතේ ගත් පළමු පියවර වන්නේ 2016 වසරේදී වැල්ලම්පිටියේ පිහිටි EFL Campus ගොඩනැගිල්ල වෙත කිලෝවොට් 651.28ක සූර්ය විදුලිබලාගාරයක් ස්ථාපිත කිරීමයි. මෙය ශ්‍රී ලංකාවේ වහලයක් මත සවි කළ දෙවැනි විශාලතම සූර්ව විදුලි බලාගාරය ලෙසින්දසැලකෙයි. මෙම උසස් තාක්ෂණික බලාගාරය හරහා සමාගමේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් උත්පාදනය කරන බව පවසයි.

එසේම සමාගම මගින් සිය සියලුම පරිශ්‍රයන් වෙතම ‘භාවිතය අඩු කිරීම, නැවත භාවිතය, ප්‍රතිචක්‍රීයකරණය’ යන සුවිශේෂී 3R ක්‍රමවේදය හඳුන්වාදීමක්ද සිදු කර තිබේ. එහිදී කඩදාසි භාවිතයෙන් තොරව ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හරහා සිදු වන සන්නිවේදන කටයුතු, ස්මාට් සංවේදක පද්ධතියක් සහිත විදුලි පහන් සහ වායු සමීකරණ පද්ධති යනාදිය හරහා සමාගමේ විදුලි බල භාවිතය තුළින් සිදුවන කාබන් විමෝචනය 90%කින් පමණ අඩු කිරීමටද හැකි වූ බව පවසයි.

එසේම ඉදිරියේදී පූර්ණ ලෙසම කාබන් නිෂ්ක්‍රීය තත්ත්වයට පත් වීම සඳහා EFL 3PL සමාගම එක්සත් ජාතීන්ගේ සංවිධානය (United Nations Carbon Offset Platform) සමගින් එකට එක්ව කටයුතු කරන බවත්, ඒ හරහා කාබන් විමෝචනය අඩු කිරීම සඳහා වන සහතිකලත් ආයතනයක් බවට පත් වීමේ Certified Emission Reductions (CERs) හැකියාවක් පවතින බවත් සමාගම සඳහන් කරයි. එය වසර පහක් පුරා සමාගම සිදු කළ පරිසර හිතකාමී කටයුත්තේ අවසන් ප්‍රතිඵලය ලෙසින්ද සැලකෙයි.

Visits: 373