තිලංකා අබේවර්ධන SLIM සභාපති ධූරයට

පසුගියදා කොළඹදී පැවැත්වුණු ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) 51 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී තිලංකා අබේවර්ධන මහත්මිය එහි සභාපති ධූරයට පත් කෙරුණු බව එම ආයතනය නිවේදනය කරයි. එසේම 2021/2022 වසර වෙනුවෙන් නව කළමනාකාරීත්ව මණ්ඩලයක් හා විධායක කමිටුවක්ද එහිදී තෝරාපත් කර ගෙන තිබේ.

SLIM හි 51 වසරක අභිමානවත් ගමන් මග තුළ 43 වැනි සභාපතිවරයා ලෙස පත් වූ තිලංකා අබේවර්ධන මහත්මිය SLIM සභාපති ධූරයට පත්වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසය තුළ නව සංධිස්ථානයක් සනිටුහන් කොට ඇත.

මයික්‍රෝසොෆ්ට් ශ්‍රී ලංකා හි දකුණු ආසියානු නව වෙළෙඳපොළ පිළිබඳ ප‍්‍රධාන අලෙවි නිලධාරී ලෙස කටයුතු කරන තිලංකා අබේවර්ධන මහත්මිය බංගලාදේශය, භූතානය, බෲනායි, කාම්බෝජය, ලාඕස්, මාලදිවයින, මියන්මාරය, නේපාලය හා ශ්‍රී ලංකාව යන ආසියානු කලාපයේ රටවල් 9 ක මයික්‍රොසොෆ්ට් අලෙවි හා සන්නිවේදන කටයුතු පිළිබඳ ප‍්‍රධානියාද වේ.

එටිසලාට් ශ්‍රී ලංකා සමාගමේ හිටපු අලෙවි ප‍්‍රධානියා වූ ඇය EWIS  ආයතනයේ හිටපු ආයතනික සන්නාම කළමනාකාරිණිය ලෙසද සේවය කළාය. ශ්‍රී ලාංකීය අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ කීර්තිමත් වෘත්තිකයෙකු වන අබේවර්ධන මහත්මිය සතු විශිෂ්ඨ කුසලතාEffie, PR Awards Asia, Brand Excellence සහ Manthan Awards යනාදී දෙස් විදෙස් සම්මාන රැසකින් ඇගයීමට ලක්ව ඇත.

Women in Management සහ ලෝක බැංකු සමූහයේ International Finance Corporation එක්ව 2016 වසරේදී 6 වැනි  වරටත් සංවිධානය කරන ලද Professional & Career Women Awards for Leadership Excellence in Marketing ජාත්‍යන්තර අලෙවිකරණ වෘත්තීයවේදී කාන්තා සම්මාන උළෙලේදීද තිලංකා අබේවර්ධන මහත්මියගේ අලෙවිකරණ හා කළමනාකරණ වෘත්තීයවේදීත්වය විශේෂ ඇගයීමකට ලක්වීම විශේෂත්වයකි. දශකයකට අධික කාලයක් තිස්සේ SLIM සමග රැඳී සිටින අබේවර්ධන මහත්මිය SLIM වෙනුවෙන් විවිධ තනතුරු රැසක් හොබවා ව්‍යාපෘති ගණනාවකට නායකත්වයද ලබාදී ඇත.

මහා බි‍්‍රතාන්‍යයේ වේල්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිධාරිනියක වන නව SLIM  සභාපතිනි තිලංකා අබේවර්ධන මහත්මිය, Sri Lanka Institute of Information Technologyවෙතින් විද්‍යාවේදී (විශේෂවේදී) උපාධිය හදාරා ඇති අතර Chartered Institute of Marketing (CIM)වෙතින් post-graduate Diploma in Marketing  සුදුසුකමද ලබා ඇත.

තවද ඇය විසින් ඇමරිකාවේ Kellogg School of Management විසින් පවත්වන ලද නූතන අලෙවිකරණ සංකල්ප හා විශේෂ අලෙවිකරණ තාක්ෂණ විධික‍්‍රම පිළිබඳ විධායක අධ්‍යාපන පාඨමාලාවක්ද හදාරා තිබේ. තිලංකා අබේවර්ධන මහත්මිය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක්ද වේ.

Arinma Holdings (Pvt) Ltd හි ව්‍යාපාර සබඳතා හා සන්නිවේදන අංශ ප‍්‍රධානී නුවන් ගමගේ මහතා අධ්‍යාපන කටයුතු පිළිබඳ උප සභාපතිවරයා ලෙසත් තේරී පත්විය. Hemas Pharmaceuticals (Pvt) Ltd සහ Hemas Surgical & Diagnostics (Pvt) Ltd හි විකුණුම් අධ්‍යක්ෂ චින්තක පෙරේරා මහතා ව්‍යාපෘති පිළිබඳ උපසභාපතිවරයා ලෙසත් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ජේෂ්ඨ සන්නාම කළමනාකාර ගයාන් පෙරේරා මහතා නව ලේඛකාධිකාරීවරයා ලෙසත් එහිදී තේරී පත්විය.

2021/2022 වසර සඳහා භාණ්ඩාගාරිකවරයා ලෙස සබරගමුව විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයන්ත දේවසිරි මහතා තේරී පත්විය. සහකාර ලේඛකාධිකාරීවරයා ලෙස Fonterra Brands Lanka ආංශික කළමනාකාර සතිකා වික‍්‍රමසිංහ මහත්මිය පත් කෙරිණ.

විධායක කමිටුව සඳහාද පළපුරුදු අලෙවිකරණ වෘත්තියන් 10 දෙනෙකු එහිදී තෝරාපත්කරගන්නා ලදී. ඒ, නුවන් තිලකවර්ධන (අලෙවි කළමනාකාර – යුනියන් බැංකුව), ආචාර්ය දිල්හාන් එස්. ජයතිලක (අධ්‍යක්ෂ -Northwood Consulting Private Limited සහ ව්‍යාපාර සංවර්ධන හා අලෙවි සංවර්ධන අංශ ප‍්‍රධානී – ආරෝග්‍යා ලයිෆ් සිස්ටම්ස් ලංකා පුද්ගලික සමාගම), චරක පෙරේරා (විධායක අධ්‍යක්ෂ – Fuchsia Retail S.A. (Private) Limited&” අසංක පෙරේරා (ප‍්‍රධාන විධායක නිලධාරී – Arugambay Beachwear (Pvt) Ltd&” මංතික රණසිංහ (අධ්‍යක්ෂ – WeddinGoDestinationz සහ කළමනාකාරීත්ව හවුල්කරු -MarketingGo), චන්න ජයසිංහ (සන්නාම සංවර්ධනය පිළිබඳ ජේෂ්ඨ කළමනාකාර -Kelani Cables Plc&” අසේල සී. ගුණසේකර (සන්නාම සංවර්ධන කළමනාකාර – Metecno Lanka (Pvt) Ltd’&” නියාස් මොහොමඞ් ශිරාස් (අලෙවි හා විකුණුම් පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී – Fentons Limited&”ආචාර්ය තෙසාරා ජයවර්ධන (මොරටුව විශ්ව විද්‍යාලයේ කර්මාන්ත කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී / ජේෂ්ඨ කථිකාචාරිනී සහ ව්‍යාපාර පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ) සහ කවින්ද්‍ර රාජපක්ෂ (උප සභාපති / අලෙවි අංශ ප‍්‍රධානී (සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී) යන මහත්ම මහත්මීන්ය.

SLIM නව සභාපතිනිය තිලංකා අබේවර්ධන මහත්මිය සියළුම සාමාජික සාමාජිකාවන්ටත් පැරණි සභාපතිවරුන් සියළුදෙනාටත් සිය ගෞරව ස්තූතිය පළ කළාය. පසුගිය වසරවල ඇරඹුනු වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ගෙනයන්නටත් වර්තමානයේ අවශ්‍යතා අනුව නව වැඩසටහන් ක‍්‍රියාත්මක කරන්නටත් සමෘද්ධිමත් අලෙවිකරණ සංස්කෘතියක් රට තුළ ගොඩනංවමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්නටත් සියළුදෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව පවසා තිබේ.

තිලංකා අබේවර්ධන මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් “අපගේ මේ වසරේ තේමාව ‘Future-ready Sri Lanka’යටතේ දැනුම පදනම් වූ ආර්ථික ක‍්‍රමවේදය අනුගමනය කරමින් අලෙවිකරණ අධ්‍යාපන සේවා හා ආයතනික ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන අතරතුරදී ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කරන ජාතික වැඩසටහන්වලටත් එකමුතුව දායකත්වය ලබා දෙනවා.. SLIM 51 වසර සමරන මේ මොහොතේදී පත්වූ නව කළමනාකාරීත්ව හා විධායක කණ්ඩායමත් සමග ලැබුන නව ජවයත් සමග SLIM කාර්යමණ්ඩලය හා සියළු සාමාජිකයන් සමග ශ්‍රී ලාංකීය ව්‍යාපාර අවකාශය තුළ SLIMනාමය බබලවන්නට හැකිවේ යැයි මා විශ්වාස කරනවා.”යැයි පවසා ඇත.

Visits: 99