යුනිලිවර්, පාරිභෝගිකයන්ගේ සුවිශේෂී තෝරා ගැනීම බවට යළි තහවුරු වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් අතරින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර්, පසුගියදා නිමාව දුටු 2021 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී තම වෙළෙඳ නාම තුනක් යළි සම්මානයට පාත්‍ර වූ බව නිවේදනය කරයි.

එහිදී යුනිලිවර්හි සුවිශේෂී තේ සන්නාමය වන ලාඕජී, Hot Beverage Brand of the Year ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ‘Personal Care Brand of the Year’ සහ ‘Advertisement of the Year’ යන සම්මානයන් ද්විත්වයම තමන් සතු කර ගැනීමට ලයිෆ්බෝයි සමත් වූයේ පාරිභෝගික විශ්වාසය නැවත නැවතත් තහවුරු කරමිනි.
එමෙන්ම යුනිලිවර්හි ලයිෆ්බෝයි සහ සිග්නල්, ‘FMCG Brand of the Year’ සම්මානය දිනා ගැනීමට සමත්වීමද එහි විශිෂ්ටත්වය නැවත නැවතත් ප්‍රදර්ශනය කරන්නකි.

නිරන්තරයෙන් සිය වෙළෙඳනාමයන්හි අරමුණු අනුව යමින් පාරිභෝගිකයා වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ට වඩාත් සමීපව කටයුතු කිරීමට යුනිලිවර් සමත්ව තිබීම මෙම සම්මානයන් හිමි වීමට ප්‍රමුඛතම හේතුව ලෙස සඳහන් කළ හැකිය.

එහි ප්‍රමුඛ සනීපාරක්ෂක සන්නාමය වන ලයිෆ්බෝයි පසුගියදා රට පුරා මිලියන 2.5කට අධික දරුවන් පිරිසකගේ දෑත් සේදීමේ පුරුදු වර්ධනය කිරීම සඳහා කැපවී කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේ ඔවුන්ගේ අඛණ්ඩ ප්‍රයත්නයේ කොටසක් ලෙසිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සෞඛ්‍ය සන්නාමය වන සිග්නල් සන්නාමය ද සිය ‘සිනා බෝ වේවා’ වැඩසටහන තුළින් විවිධ පාසල් හා ප්‍රජා දන්ත වෛද්‍ය සායන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව මිලියන 2කට වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැනුවත් කිරීමට සමත් විය. රසවත් මෙන්ම ප්‍රබෝධමත් තේ කෝප්පයක උණුසුම හිමි කර දෙන ලාඕජී නිරන්තරයෙන් එකිනෙකා අතර බැඳීම් වර්ධනය කිරීම වෙනුවෙන් තවදුරටත් කැපවී කටයුතු කරනු ලබයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකාහි Beauty සහ Personal Care අංශයේ අලෙවි අධ්‍යක්ෂිකා නිලූෂි ජයතිලක මහත්මිය “ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී මේ ආකාරයේ ඉහළ පිළිගැනීමක් අප වෙත ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. අපගේ නිෂ්පාදන සන්නාමයන්හි අරමුණු අනුව යමින් නිරන්තරයෙන් පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් දක්වන දායකත්වය හා ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය මේ තුළින් වඩාත් පැහැදිලි වනවා. අපගේ සන්නාමයන් පිළිබඳ අඛණ්ඩ විශ්වාසය පළ කරමින් මේ ආකාරයෙන් අප විශිෂ්ටත්වයට ඔසවා තැබීම පිළිබඳව ඒ සියලු පාරිභෝගිකයන් වෙත මගේ ස්තුතිය මේ මොහොතේ පුද කිරීමට කැමතියි. ඒ වගේම මේ අවස්ථාව අප වෙත උදාකර දීම සම්බන්ධයෙන් ස්ලිම් හා නීල්ස්න් ආයතනයන්ටත් හදවතින්ම ස්තුතිය පුද කර සිටිනවා.” යනුවෙන් පැවසීය.

යුනිලිවර් ශ්‍රී ලංකාහි Home Care, Food, Refreshment and Water පිළිබඳ අලෙවි අධ්‍යක්ෂිකා ශර්මිලා බණ්ඩාර මහත්මිය මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, “මේ සම්මානයන් ඉතා විශිෂ්ටයි. අප සියලු දේ සිදු කරනුයේ පාරිභෝගිකයා ප්‍රමුඛත්වයේ තබා ගනිමින්. ඒ වගේම අපි සෑම විටම අපගේ පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින්, ඔවුන්ගේ නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතා මත පදනම් වූ ඉහළම තත්වයේ නිෂ්පාදන තුළින් ධනාත්මක බලපෑමක් ඇති කිරීමට කටයුතු කරනවා. ස්ලිම් නීල්ස්න් සම්මාන උළෙලේදී අපට දැක ගන්නට ලැබුණේ ඒ වෙනුවෙන් පාරිභෝගිකයන් දැක්වූ ප්‍රතිචාරයයි” යනුවෙනි.

ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙල (SLIM-Nielsen Peoples Awards) යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අලෙවිකරණ සම්මාන ප්‍රධානෝත්සවයකි. ස්ලිම් සහ නීල්සන් ආයතන එක්ව සංවිධානය කරනු ලබන ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙල ශ්‍රී ලාංකේය ජනතාවගේ බහුතර මනාපය තුළින් සන්නාම හා පුද්ගලයින් වාර්ෂිකව ඇගයීමට ලක් කරනු ලබයි.

Visits: 75