ප්‍රයිම් සමූහයේ The Grand Ward Place සූර්ය මංගල්‍ය සමරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන ප‍්‍රයිම් සමූහය විසින් ඉදිකරනු ලබන සිය අද්විතීය අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වන The Grand Ward Place මෙරට සංස්කෘතික අනන්‍යතාවන් සිහිපත් කරමින් සිංහල හා හින්දු අලූත් අවුරුදු සැමරුම් උත්සවය මහත් උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පවත්වන ලදි.

The Grand Ward Place, සිංහල හා හින්දු අලූත් අවුරුදු සැමරුම් උත්සවය සඳහා එක්සත් අරාබි එමිර් රජ්‍යයේ මෙරට තනාපති/ Charge D’affaires ගරු හුමයිද් ඩර්විශ් අල් තමිමි, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ගරු රෝසි සේනානායක, ප‍්‍රයිම් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප‍්‍රයිම් පවුලේ සාමාජිකයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී වූහ. මෙරට සිංහල සහ හින්දු සංස්කෘතියෙන් පෝෂණය වූ සංගීත හා නර්තන අංගයන්ගෙන් විචිත‍්‍රවත් වූ මෙම උළෙල සාම්ප‍්‍රදායික සිංහල හා හින්දු ආහාරයන්ගෙන් රසවත් විය.

‘‘ශ‍්‍රී ලංකාව සංස්කෘතික විවිධත්වයෙන් පෝෂණය වූ රටක්. මේ සංස්කෘතික සංහිඳියාව සිහිපත් කරමින් The Grand Ward Place, සිංහල සහ දෙමළ ජනතාවගේ ප‍්‍රධානතම සංස්කෘතික උත්සවය වූ සිංහල හා හින්දු අලූත් අවුරුද්ද සමරමින් ඔවුන්ට අනන්‍යවූ ප‍්‍රසාංගික සංස්කෘතික අංගයන් සහිත වර්ණවත් සැමරුම් උත්සවයක් පවත්වන්නට අපට හැකි වුනා. එමෙන්ම සමාගම් සමූහයක් ලෙස අපගේ සේවාවන් තවත් පුළුල් කිරීමේ අරමුණෙන් Prime Lands Residencies නුදුරේදීම මහජන කොටස් නිකුතුවක් (IPO) සඳහා යෑමට අපේක්ෂා කරන බව සඳහන් කරන්නට කැමතියි ’’ යනුවෙන් ප‍්‍රයිම් සමූහයේ සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා පැවසීය.

The Grand Ward Place, මීටර් 160කින් සහ මහල් 37 කින් සමන්විතව කොළම නගරයේ ඉහළම වටිනාකමක් සහිත භූමියක ඉදිවන මෙරට ප‍්‍රමුඛතම අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය ලෙස නිසැකවම හැඳින්විය හැක.

මෙම අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙහි තවත් එක් සුවිශේෂත්වයක් වන්නේ මීටර් 125ක් ඉහළින් එනම් මෙහි 32වන මහලෙහි ඉදිවන මීටර් 71ක දිගින් යුතු ඉන්ෆිනිටි (Infinity) පිහිණුම් තටාකයයි. තනි ගොඩනැගිල්ලක් ලෙස ඉදිකෙරෙන සුපිරි නිවාස සංකීර්ණයෙහි තවත් විශේෂත්වයක් වන්නේ පුද්ගලිකත්වය උපරිම අන්දමින් ආරක්ෂා වන ලෙස මෙම නිවාස ඉදිවීමයි. පුද්ගලිකත්වය සුරැකෙන මෙම සුවිශේෂී ගෘහනිර්මාණ ශිල්පීය අනන්‍යතාව ශ‍්‍රී ලාංකීය නිවාස සංකීර්ණයක දක්නට ලැබෙන පළමු අවස්ථාව මෙයයි. මීට අමතරව වර්ග අඩි 50,000කට අධික පරිශ‍්‍රයක් ක‍්‍රීඩා, විනෝද සහ තවත් බොහෝ පහසුකම් සඳහා වෙන් කෙරෙන අතර මෙම පහසුකම් පස්වන, තිස්දෙවන සහ තිස්හත්වන මහල් හි පිහිටා ඇත.

The Grand Ward Place’ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය මෙරට නිවාස ක්ෂේත්‍රෙය් අග‍්‍රගන්‍ය නිර්මාණයක් වන බැවින් එහි අනර්ඝත්වය සුපිරි නිවාස සංකීර්ණයෙහි සෑම බිම් අඟලකින්ම මූර්තිමත් කෙරේ. සැලසුම, ලොව සුපිරිතම ගෘශනිර්මාණ විශිෂ්ටත්වය, උසස්ම තත්වයේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය සහ නිවාස අලංකරණ උපාංගයන්ගෙන් මෙම සුපිරි නිවාස සංකීර්ණය සමන්විත වනු ඇත. The Design Group Five International මෙහි ගෘහනිර්මාණ උපදේශකත්වය දරණ අතර දකුණු ආසියාවේ විශාලතම ඉදිකිරීම් සමාගමක් වන MAGA ඉන්ජිනියරින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

Visits: 140