පැල්වත්ත කිරි සමාගමට CNCI Achiever Awards 2020 හිදී සම්මාන දෙකක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයෙකු වන පැල්වත්ත සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් අඛණ්ඩව 19 වන වරටත් පවත්වන ලද Achiever Awards 2020 සම්මාන උළෙලේදී කාණ්ඩ කිහිපයක් යටතේ සම්මාන දිනා ගත් බව පවසයි.

සම්මාන උළෙල පසුගියදා කොළඹ ගලදාරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

එහිදී පැල්වත්ත කිරි සමාගම ‘මහා පරිමාණ’ කාණ්ඩය යටතේ නිෂ්පාදන අංශයේ ජාතික මට්ටමේ කුසලතා සම්මානය සහ පළාත් මට්ටමින් නිෂ්පාදන අංශයේ ලෝකඩ සම්මානය හිමි කර ගෙන තිබේ.

පසුගිය වසර තුළ විවිධ අංශවල කාර්මික හා ආර්ථික වර්ධනයට පුළුල් ලෙස දායක වූ කර්මාන්තකරුවන් වෙනුවෙන් CNCI achiever awards සම්මාන ප්‍රදානය කෙරිණි. ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වන අභියෝග මධ්‍යයේ වුවද, පසුගිය මූල්‍ය වර්ෂය තුළ ආර්ථිකයට වටිනාකමක් එක් කරමින් ඊට දායක වු සමාගම් වෙනුවෙන් මෙම වසරේ සම්මාන පිරිනැමීමේදී විශේෂ අවධානයට යොමු විය.

පැල්වත්ත කිරි සමාගම මෙලෙස සම්මානයට පාත්‍ර වීම පිළිබඳව පැල්වත්ත සමාගමේ සාමාන්‍යාධිකාරී ලක්සිරි අමරතුංග මහතා මෙලෙස අදහස් දැක්වීය. “අප ලැබූ මෙම සම්මාන සහ ගෞරවය අපගේ කණ්ඩායම රටේ සෑම අංශයක් කෙරෙහිම ලබා දෙන දායකත්වය පිළිබඳ වඩා යහපත් සාක්ෂියක් බව කිව හැකියි. එලෙසම මෙය රට තුළ පූර්ණ ස්වයංපෝෂිත කිරි කර්මාන්තයක් ඇති කිරීමේ අපගේ දැක්ම වෙනුවෙන් අපගේ නිෂ්පාදන වල අසමසම ගුණාත්මකභාවය සහ අප ජාතියට ලබා දෙන දායකත්වය පිළිබඳ වූ පිළිබිඹුවක් ලෙස හැඳින්විමට ද හැකියාව තිබෙනවා.”

CNCI Achievers සම්මාන මගින් සම්මානිත සමාගම් හී සමාගමේ විශාලත්වය, ඛාණ්ඩය සහ අංශය අනුව දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය, සේවා නියුක්තිය හා රැකියා සුරක්‍ෂිතතාවයේ සාධක, විදේශ විනිමය ඉපයීම්, ආයතනික සමාජ වගකීම්, සේවකයින්ගේ ජීවන තත්ත්වය සහ පාර්ශවකරුවන් හා අනෙකුත් සංවර්ධන කටයුතු පිළිබඳවත් සොබාදහමට සහ ප්‍රජාවේ සියලුම පාර්ශවයන්ට ඇති කරන බලපෑම පිළිබඳවත් තක්සේරු කිරීමක් ලෙස දැක්විය හැකිය.

දේශීය කිරි ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය නංවාලමින් රටේ ගෘහස්ථ කිරි ඉල්ලුම සපුරාලීම කෙරෙහි සමාගම සැමවිටම දැඩි අවධානයක් යොමු කර ඇත. කිරි නිෂ්පාදනය අතින් ජාතිය ස්වයංපෝෂිත කිරීම මුලික දැක්ම වුවද පැල්වත්ත කිරි සමාගම ගොවීන්ට, ඔවුන්ගේ ජීවනෝපායන් සහ පවුල්වලට විවිධාකාරයෙන් සහය දක්වයි. එමගින් ඔවුන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ සංවර්ධනය තුළින් ජාතියේ වර්ධනයට මඟ පෙන්වීම සමාගමේ අරමුණයි.

Visits: 29