Eco Spindles ප්‍රතිචක්‍රීයකරණයේ වැදගත්කම ගැන කොළඹ විලාසිතා සතියේදී කරුණු දක්වයි

කොළඹ විලාසිතා සතිය (Colombo Fashion Week) විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ සුවිශේෂී විලාසිතා දැක්ම සඳහා  වූ ‘විලාසිතා සැපයුම් දාම චක‍්‍රය’ යන්න තේමාව කරගත් සුවිශේෂී කමිටු සාකච්ඡාවේ විශේෂඥයන් අතරට ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන Eco Spindles ද එක් විය.

මෙම සාකච්ඡාව සඳහා  Eco Spindles නියෝජනය කළ Eco Spindles නූල් අංශයේ ප‍්‍රධාන විධායක නිලධාරී, නාලක සෙනෙවිරත්න මහතා විසින් Eco Spindles හි වත්මන් ක‍්‍රියාකාරීත්වය සහ  ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිචක‍්‍රීයකරණ ආර්ථිකය පිළිබඳ තොරතුරු සවිස්තරාත්මක ඉදිරිපත් කරන ලදී. 

එහිදී සෙනෙවිරත්න මහතා අවධාරණය කර සිටියේ ‘‘සාමාන්‍යයෙන් PET ප්ලාස්ටික් බෝතලයක් සම්පූර්ණයෙන් දිරා යාමට වසර ගණනාවක් ගත වෙනවා. ගෝලීය වශයෙන් අනිසි අයුරින් පරිසරයට බැහැර කරන බෝතල් ප‍්‍රමාණය බිලියන 600 කට අධිකයි. මේ බෝතල් එක පෙළට තැබුවහොත් ඒ තුළින් පෘථිවිය වටා වට 730 ක් පමණ සෑදිය හැකියි. මෙම PET ප්ලාස්ටික් බෝතල් නිසි ලෙස බැහැර කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමට කටයුතු කළ හොත් ඉන් ඇඟලූම් නිර්මාණය සඳහා අවශ්‍ය පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා. එසේ වුවහොත් එම ප්ලාස්ටික් දිරා යාමේ කාලය තවත් වසර 900කින් පමණ අඩු කර ගැනීමේ හැකියාවද සලසා ගත හැකියි.’’

මෙරට PET ප්ලාස්ටික්  අපද්‍රව්‍යයන්හි තත්වය පිළිබඳව ද පැහැදිලි කළ සෙනෙවිරත්න මහතා ‘‘ශ‍්‍රී ලාංකිකයන් සෑම මාසයකම මෙටි‍්‍රක් ටොන් 1500 ක පමණ බරකට සමාන බෝතල් මිලියන 300ක පමණ ප‍්‍රමාණයක් ඉවත් කරනවා. නමුත් ඉන් ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා යොදා ගන්නේ බෝතල් මිලියන 50ක පමණ ප‍්‍රමාණයක් පමණයි. එය සාමාන්‍යයෙන් මෙටි‍්‍රක් ටොන් 250ක පමණ ප‍්‍රමාණයක්. අපගේ අසල්වැසි ඉන්දියාව සමඟ සංසන්දනයේදී ඔවුන් ඉවතලන ප්ලාස්ටික්වලින් 80%ක් පමණ ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමට කටයුතු කරනවා. නමුත් අපි ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නේ ඉවතලන ප්ලාස්ටික් වලින් 20%ක් පමණයි.’’ යනුවෙන් ද පවසා තිබේ.

Eco Spindles පසුගියදා හොරණ ප‍්‍රදේශයේ සිය කර්මාන්ත පහසුකම් තවදුරටත් ව්‍යාප්ත කිරීමත් සමඟ එහි ප‍්‍රතිචක‍්‍රීයකරණ හැකියාව දෙගුණ කර ගැනීමට සමත් වූ අතර 2023 වන විට එහි තෙවන අදියරද ක‍්‍රියාත්මක කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. ඒ තූලින් ඉවත ලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙරට පරිසරයට එකතු නොවී අවම කිරීමටද ඔවුන්ට අවකාශ උදා වනු ඇත.

‘‘කෙසේ වුවත් අපට මේ ක‍්‍රියාදාමය තනිව සිදු කිරීමට අපහසුයි. අප රටේ අපද්‍රව්‍ය කළමනාකරණ ක‍්‍රියාවලියේ සාමූහික වෙනසක් සිදු කිරීමට නම් ගෘහ මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සහයෝගය ඉතාමත් අවශ්‍යයි. අපගේ මේ ප‍්‍රයත්නය රජයේත් පැසසුමට ලක්ව ඇති අතර එය ප‍්‍රතිචක‍්‍රීයකරණ කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීමට පිටුවහලක් වනු ඇතැයි මා විශ්වාස කරනවා.’’ යනුවෙන්ද සෙනෙවිරත්න මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

තවද ඒ මහතා සඳහන් කර සිටියේ ‘‘PET ප්ලාස්ටික් බෝතල් කළමනාකරණය සඳහා සාමූහික කසළ කළමනාකරණ උපායමාර්ගයක් අපට ඔවුන්ගෙන් අවශ්‍යයයි. ’’යනුවෙනි.

2021 වසරේ CFW විලාසිතා දැක්ම තුළද මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලදී. ඒ සඳහා වූ විලාසිතා සමුළුවෙහි කමිටු සාකච්ඡා මාලාවක් තුළින් විලාසිතා සැපයුම් දාමය සඳහා ප‍්‍රතිචක‍්‍රීයකරණයේ වැදගත්කම යොදා ගැනීම හා එය මනාව ප‍්‍රයෝජනයට ගන්නා ලදී.

Eco Spindles සහ CFW අතර ඇති කරගනු ලැබූ මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දැක්වූ BPPL Holdings හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා සඳහන් කර සිටියේ ‘‘අප ආරම්භයේ සිටම මේ ආකාරයේ වැදගත් විලාසිතා සමුළු සදහා දායක වී තිබෙනවා. ඇඟලූම් ක්ෂේත‍්‍රයේ පැවැත්ම හා තිරසාරභාවය පිළිබද දැනුම ඉහළ නැංවීම සඳහා මෙන්ම ඉතා වටිනා සාකච්ඡාවක් වෙනුවෙන් සෑම වසරකම මේ ආකාරයේ අවස්ථාවක් සංවිධානය කිරීම පිළිබඳව CFW හි නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ අජේ වීර් සිං මහතාට සහ ඔහුගේ කණ්ඩායමට මාගේ ස්තුතිය පුද කිරීමට කැමතියි.’’ යනුවෙනි.

CFW හි නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ අජේ වීර් සිං මහතා මෙහිදී අදහස් දක්වමින් ‘’Colombo Fashion Week ශ‍්‍රී ලංකාවේ සියලූ විලාසිතා කර්මාන්තයේ සෑම අංශයකම දියුණු වෙනසක් අපේක්ෂා කරනවා. මෙවර මෙම සමූළුවේදී එම ගැටලූව පිළිබඳව වැඩි අවධානය යොමු කිරීමට අප කටයුතු කළා. කර්මාන්තයන් විසින් පරිසරය නොසළකා හැරීමේ හේතුව මත අද වන විට ගෝලීය උණුසුම ඉතාමත් ඉහළ ගොස් තිබෙනවා. ඇඟලූම් කර්මාන්තයේ පැවැත්ම හා තිරසාරත්වය වෙනුවෙන් කැපවන ප‍්‍රතිචක‍්‍රීයකරණය සම්බන්ධයෙන් කටයුතු කරන Eco Spindles වැනි ආයතනයන්ට මේ මොහොතේ අපගේ ස්තුතිය පුද කිරීමට කැමතියි.’’ යනුවෙන් පවසා තිබේ.

Visits: 76