OPPO වෙතින් අලුත් අවුරුදු සතුට වෙනුවෙන් අලුත්ම ගීතයක්

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවතම ගීතයක් හඳුන්වා දී තිබේ. මෙය ගායනා කරනු ලබන්නේ OPPO සන්නාම තානාපතිනියක සහ The Voice වැඩසටහනේ පුහුණුකාරිනියක වන ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ විසිනි. මීට අමතරව ජනප්‍රිය රංගන ශිල්පී හා ගායක ගයාන් ගුණවර්ධන සහ නර්තන ශිල්පී රමෝද් මාලක ප්‍රමුඛ Cool Steps නර්තන කණ්ඩායමද මෙම ගීතයට දායක වී ඇත.

සුන්දර ගැමි පරිසරයක රූපගත කර ඇති මෙම ගීතයේ රූප රචනය තුළ සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර වාරිත්‍රද නිරූපණය කෙරේ. මෑතකදී වෙළඳපොළට හඳුන්වා දීමෙන් අනතුරුව පාරිභෝගිකයන් අතර ඉක්මනින් ජනප්‍රිය වූ, අලුත් අවුරුදු කාලයේදී විශේෂ දීමනාවන්ද සමග මිලදීගත හැකි OPPO F19 Pro දුරකථන මාදිලියද මෙම රූප රචනය තුළදී දැකගත හැක. OPPO F19 Pro දුරකථන මාදිලියේ ප්‍රථම දින අලෙවිය, ඊට පෙර හඳුන්වා දුන් OPPO F17 Pro මාදිලියට සාපේක්ෂව 200% ක වැඩිවීමක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.

“මේ ගීතයත් සමග අපට ශ්‍රී ලාංකික සංස්කෘතියට පෙරටක් වඩා සමීප වීමට අවස්ථාව උදා වුණා. ඒ වගේම අලුත් අවුරුද්දේ සැබෑ අරුත අනුව යමින් අප්‍රේල් 02 සිට අප්‍රේල් 13 දක්වා ක්‍රියාත්මක වන ‘එරබදු වාසි’ ප්‍රවර්ධන වැඩසටහනත්, අප්‍රේල් 05 සිට අප්‍රේල් 18 දක්වා ක්‍රියාත්මක වන ‘OPPO සර්විස් වාසි’ ප්‍රවර්ධන වැඩසටහනත් හඳුන්වා දීමට අප කටයුතු කර තිබෙනවා.” OPPO Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

“සුවිශේෂී තරුණ කලාකරුවන් පිරිසක් සමග වැඩ කිරීමට ලැබීම මට අපූරු අත්දැකීමක් වුණා. රටේ සංස්කෘතියට තව තවත් සමීප වීමට OPPO දරන මේ උත්සාහය අගය කළ යුතුයි. OPPO සන්නාමය වැඩි වැඩියෙන් ජනප්‍රිය වීමට මෙය ප්‍රධාන හේතුවක්. ශ්‍රී ලංකාව සහ OPPO අතර මේ වනවිට සමීප අන්‍යොන්‍ය සම්බන්ධතාවක් ගොඩනැගී තිබෙනවා.” උමාරියා සිංහවංශ පැවසුවා ය.

“මා ප්‍රධාන පෙළේ OPPO ව්‍යාපෘතියකට සම්බන්ධ වුණේ පළමු වතාවටයි. එය මට අමතක නොවන අත්දැකීමක් වුණා. OPPO සන්නාමයේ වටිනාකම් වලට සහ F19 Pro මාදිලියේ සුවිශේෂීත්වයන්ට සමගාමීව අපගේ නිර්මාණශීලීත්වයට පූර්ණ නිදහස ලබාදීමට OPPO කටයුතු කළා. මෙම ව්‍යාපෘතියට දායක වීමට ලැබීම මට මහත් සතුටක්.” ජනප්‍රිය රංගන ශිල්පී හා ගායක ගයාන් ගුණවර්ධන පැවසී ය.

“පසුගිය අවුරුදු කිහිපය පුරාම මට OPPO සමග වැඩ කිරීමට අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය වැළඳ ගැනීමටත්, ඒ අනුව හැඩගැසීමටත් ඔවුන් දක්වන උනන්දුව සුවිශේෂයි. ධඡඡධ රසික රසිකාවියන් සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” කලක පටන් OPPO සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන ජනප්‍රිය නර්තන ශිල්පී රමෝද් මාලක පැවසී ය.

Visits: 72