ශ්‍රී ලංකාවේ ශ්වසන නිෂ්පාදන පුරෝගාමී ලීනා මැනුෆැක්චරින් දශකයක් සපුරයි

ශ්‍රී ලංකාවේ පළමු ශ්වසන සත්කාර පර්යේෂණ හා නිෂ්පාදන සමාගම වන ලීනා මැනුෆැක්චරින් (Lina Manufacturing) පසුගියදා සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය.

2011 වර්ෂයේ අප්‍රේල් මස පළමුවැනි දින, වාණිජ නිෂ්පාදනයන් සඳහා ආරම්භ කරන ලද රත්මලාන, බොරුපන හි පිහිටි මෙම කර්මාන්තශාලාව, මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් නිෂ්පාදිත නවීන මෘදුකාංගයකින් අනූන ඩ්‍රයි පවුඩර් ඉන්හේලර් (DPI) උපාංගය වන ‘Ventohaler’, වෙළඳපොලෙහි ඇති අනෙකුත් ශ්වසන නිෂ්පාදනවලට වඩා රෝගීන් හට සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙයි. මෙම කර්මාන්තශාලාව පෞද්ගලික සහ රාජ්‍ය ආයතන සඳහා ස්වශන සත්කාර සඳහා නිෂ්පාදන රැසක් සපයනු ලබයි.  

‘Ventohaler’ නිෂ්පාදනය නිර්මාණය කර ඇත්තේ රෝගීන් හට වඩාත් පහසු ආකාරයෙන් තම ඖෂධ මාත්‍රාව ලබා ගැනීමටයි. Ventohaler භාවිතා කිරීමේදී රෝගියා ආශ්වාස කරන විට, එහි දෙපැත්තෙන් වාතය ගමන් කිරීම මඟින් ඉන්හේලරය තුල චක්‍රවාතයක් නිර්මාණය වේ. එමඟින් රෝගියාට නියමිත මාත්‍රාවෙන් වැඩි ප්‍රමාණයක් පෙණහැල්ල තුලට ගමන් කරවීමේ හැකියාව Ventohaler සතු වේ.       

තවද, රසායනික සංයෝගය පහළ පෙණහලුවලට ළඟා වූ පසු රෝගීන්ට වඩාත් එලදායි ලෙස සහනයක් ලබා දීම සඳහා රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ හැකි ආකාරය ද ලීනා මැනුෆැක්චරින් සමාගම විසින් පර්යේෂණය කරන ලදී. ලීනා සමාගම විසින් මෙම සාර්ථක අවසන් ප්‍රථිපලය ලබා ගැනීම සඳහා විශේෂිත ත්‍රිමාණ මිශ්‍රකයක් භාවිතා කරන ලදී. එම මිශ්‍ර සංයෝගයට සහ ‘Ventohaler’ සඳහා 2010 සහ 2011 දී ජනාධිපති සම්මානය ද  හිමි විය.

“මෙම වැදගත් සන්ධිස්ථානය සැමරීමට හැකිවීම පිළිබඳව ලීනා මැනුෆැක්චරින් සමාගම අතිශයින් ආඩම්බර වෙනවා. සංකල්පයක සිට වාණිජකරණය දක්වා වෛද්‍ය උපකරණ නවෝත්පාදනය කිරීමට අප සතුව හැකියාව ඇති  අතර, අපගේ කණ්ඩායම්වල වෙහෙස මහන්සිය හා කැපවීමේ ප්‍රතිපලයක් ලෙස ලීනා සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ශ්වසන සත්කාර නිෂ්පාදකයා බවට පත්වීමට හැකි වීම ගැන නිහතමානිව ආඩම්බර වනවා. ” යැයි ලීනා මැනුෆැක්චරින් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී රොහාන් වෙත්තසිංහ මහතා පැවසීය.

ඖෂධ සැකසීම හා ඇසුරුම්කරණය සඳහා වන ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර නිෂ්පාදනය කරන ලොව ප‍්‍රමුඛ පෙළේ සමාගමක් වන ඉතාලියේ IMA සමූහයේ නවතම යුරෝපීය බෙහෙත් නිෂ්පාදන පෙළක් සඳහා ලීනා මැනුෆැක්චරින් සැලකිය යුතු ආයෝජනයක් සිදු කොට ඇති අතර තවත් නිෂ්පාදන හඳුන්වා දීම සඳහා සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන (R&D ) කටයුතු සඳහා සැලකිය යුතු ආයෝජන අඛණ්ඩව සිදු කරයි. 

ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා පෞද්ගලික අංශය හට  ඖෂධ සංයෝග සංවර්ධනය කොට සැලකිය යුතු සැපයීමක් ද සිදු කරනු ලබයි. GMP සහ ISO 9001 සහතික කරන ලද ලීනා මැනුෆැක්චරින් සමාගම සතු කඩවත පිහිටි අති නවීන කර්මාන්ත ශාලාව, සම්මානලාභී Ventohaler නිෂ්පාදනයට අමතරව Beclovent, Flutivent, Salbuvent, Prazolin සහ Winterpan ඇතුළු ශ්වසන නිෂ්පාදන රාශියක් නිෂ්පාදනය කරයි.

2020 දෙසැම්බර් මාසයේදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා හා හෙල්ත්ගාර්ඞ් ඔසුසැල් ජාලයෙන් සමන්විත සිය ව්‍යාපාරය සහ අක්බාර් හෙල්ත්කෙයාර් හි ව්‍යාපාරික ඒකක වන අක්බාර් ෆාමසූටිකල්ස් ලීනා මැනුෆැක්චරින් හා ලීනා ස්පයිරෝ සමඟ උපායමාර්ගික ඒකාබද්ධතාවයක් නිවේදනය කළේය.

මෙම ඒකාබද්ධතාවය අනුමත වීම මගින් පාරිභෝගික සෞඛ්‍යාරක්ෂණ නිෂ්පාදන නිපද වීමේ සිට දිවයින පුරා සිදු කරන අවසන් බෙදා හැරීම දක්වා වන අංශ පහකින් සර්ව සම්පූර්ණ වූ ශ්‍රී ලංකාවේ පළමු සුව සේවා සමාගම බවට සන්ෂයින් හෙල්ත්කෙයාර් පත් වනු ඇත.

ඒ අනුව පර්යේෂණ හා සංවර්ධන (R&D), නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම හා පාරිභෝගික යන සුව සේවා සැපයුම් ජාලය සඳහා අවශ්‍ය සියලූම අංශ ආවරණය කරමින් සමාගම දැන් ක‍්‍රියාත්මක වනු ඇත. මෑතකදී සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගමේ (SHL) අනුබද්ධිත සමාගමක් වන ලීනා ස්පයිරෝ පුද්ගලික සමාගම (Lina Spiro (Pvt) Ltd), ශ්‍රී ලංකාවේ ප‍්‍රථම Metered-Dose ඉන්හේලර් (MDI) නිෂ්පාදන කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී.

Visits: 63