HNB ‘සිඟිති ජම්බෝ අවුරුදු’ සමඟින් ළමා ගිණුම් හිමියන්ට වටිනා තෑගි

HNB එළැඹෙන අවුරුදු සමය සැමරීම සඳහා සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත ‘සිඟිති ජම්බෝ අවුරුදු’ වැඩසටහන පසුගියදා හඳුන්වා දුන් බව පවසයි. ඒ යටතේ මාර්තු 23 වන දින සිට අපේ‍්‍රල් 30 වන දින දක්වා වයස අවුරුදු 16ට අඩු සියලූම HNB සිඟිති සහ ළමා ගිණුම් හිමියන් වෙත වටිනා තෑගි හා සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් HNB විසින් හිමි කර දෙනු ඇතැයිද පවසයි.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ HNB තැන්පතු ප‍්‍රධානී විරංග ගමගේ මහතා සඳහන් කර සිටියේ ‘‘අපගේ බාලවයස්කාර ඉතුරුම්කරුවන් වෙනුවෙන් ඉතුරුම් ගිණුම්වලට අමතරව මේ ආකාරයෙන් අවුරුදු සතුට බෙදා හදා ගැනීමට හැකිවීම පිළිබඳව අපට ඉමහත් සතුටක්. මේ සමඟ මූල්‍යමය වශයෙන් සුරක්ෂිත හෙට දවසක් වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීමට අපට අවස්ථාව උදා වී ඇති අතරම ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය වන පාසල් උපකරණ ආදිය ත්‍යාග කිරීමට අප මෙවර කටයුතු සූදානම් කර තිබෙනවා. ඉදිරි වසරවලදී මෙය තවදුරටත් පුළුල්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමට අප බලාපාරොත්තු වන අතර ඒ තුළින් අපගේ ආදරණීය ළමා තැන්පත්කරුවන් අඛණ්ඩව දිරිමත් කිරීමට අප අපේක්ෂා කරනවා.’’ යනුවෙනි.

සිඟිති ළමා ඉතුරුම් ගිණුම් හිමි දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් දිරි ගැන්වීම සඳහා HNB විසින් ඔවුන් සඳහා ආකර්ෂණීය ත්‍යාග රාශියක් ලබා දීමට මෙවර ද කටයුතු කර ඇත. එහිදී රුපියල් 5000/- ක තැන්පතුවක් සඳහා පෑන් රඳවනයක් හෝ HNB කැප් ද, රුපියල් 10,000/-ක තැන්පතු සඳහා කුඩ හෝ පාසල් බෑග් මෙන්ම රුපියල් 25,000කට වැඩි තැන්පතු සඳහා සියලූ උපාංගයන් සහිත වයිට් බෝඞ් ත්‍යාග වශයෙන් හිමි කර දීමට HNB බලාපොරොත්තු වේ.

මීට අමතරව රුපියල් 50,000කට වැඩි තැන්පතු සඳහා රුපියල් 1500/-ක් වටිනා වවුචර්පතක් හෝ ක‍්‍රීඩා බෑගයක් ත්‍යාග වශයෙන් හිමි වනු ඇත. රුපියල් 100,000කට වැඩි තැන්පතු වෙනුවෙන් රුපියල් 5000/-ක් වටිනා වවුචර්පතක් ලබා දීමට කටයුතු කර ඇති අතර රුපියල් 500,000/- තැන්පතුවක් වෙනුවෙන් රුපියල් 20,000ක් වටිනා තෑගි වවුචර්පත් හිමි වේ.

එම වවුචර් පත් මගින් Abans, Arpico Supercentre, DSI, Mallika Hemachandra Jewellers, Nithyakalyani Jewellery, Stone ‘N’ String, Sarasavi Bookshop, Vijitha Yapa, සහ Zuzi යන අලෙවිසැල් වෙතින් තමන් කැමති භාණ්ඩයක් මිලදී ගැනීමේ අවස්ථාවද ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත උදා කර දී තිබීම තවත් විශේෂත්වයක් ලෙස සදඟන් කළ හැකිය.

මීට අමතරව HNB අතර සිඟිති ගිණුම් හිමි දු දරුවන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් ඔවුන්ගේ ගිණුමේ ශේෂය මත වසර මුළුල්ලේම ත්‍යාග හිමි කර දෙන සුවිශේෂී ත්‍යාග ක‍්‍රමයක් ද ක‍්‍රියාත්මක වේ.

Visits: 37