හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට සම්මාන හතරක්

ලංකා වාණිජ මණ්ඩලය විසින් පැවැත්වූ හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් පරිසරයට, සමාජයට සහ ආර්ථිකයට කළ කැපවීම සහ දායකත්වට ඇගයීමට ලක්කරමින් සම්මාන 04 ක් ප‍්‍රදානය කළ අතර ඒ අතර සමස්තයක් ලෙස දෙවැනි අනුශුරතා සම්මානයක්ද බැංකුව විසින් දිනාගැනීමට සමත්ව ඇත. 

බැංකුව විසින් දිනාගත් දෙවන අනුශුරතා සම්මානයට අමතරව මෙහිදී මූල්‍ය අංශයේ හොඳම කාර්යසාධනයට හිමි සම්මානය, හොඳම පරිපාලන කාර්යසාධන ආංශයේ සම්මානය සහ ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට ඇතුලත් වීමේ සම්මානය බැංකුවට හිමි විය. 

කොමර්ෂල් බැංකුවට පිරිනැමූ මූල්‍ය අංශයේ සම්මානය මගින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඉදිරියට යන බැංකුකරණ ආයතනය ලෙසින් සහ වගකීම් සහගත ණය ලබාදීමේ ක‍්‍රියාවලියක් මගින් පරිසරය රැකගැනීමට බැංකුව කළ කැපවීම ඇගයීමට ලක්කර තිබේ.

මේ අතර, හොඳම පරිපාලන කාර්යසාධනයට අදාළ ආංශික සම්මානය මගින් ඇගයීමට ලක්කර තිබෙන්නේ බැංකුව විසින් අවශ්‍යතා සැපිරීමට, පාර්ශවකරුවන් අතර සමබරතාව රැකීමට මෙන්ම සදාචාරාත්මක හැසිරීම සහ ප‍්‍රශස්ත කාර්ය සාධනය සඳහා අවශ්‍ය නීති රීති, ව්‍යුහයන් සහ ක‍්‍රියාවලීන් පවත්වාගෙන යාම වෙනුවෙන් දැක්වූ කැපවීමයි.

හොඳම ආයතනික පුරවැසි සම්මාන ප‍්‍රදානය මගින් අතිවිශිෂ්ට අයුරින් තිරසර ක‍්‍රියාමාර්ග අනුගමනය කළ ආයතනික පුරවැසියන් 10 දෙනෙකු සම්මානයට පාත‍්‍රකර තිබේ.

කොමර්ෂල් බැංකුව විසින් පරිසරයට සිදුකරන දායකත්වය යටතේ කොග්ගල ප‍්‍රදේශයේ කඩොලාන වගාකිරීමේ ව්‍යාපෘතියක්, සාගරයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ වැඩසටහනක්, ශ‍්‍රී ලංකාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් ස්වයංපෝෂිත කිරීම වෙනුවෙන් සකස් කර තිබෙන ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ ‘තුරු මිතුරු’ වැඩසටහන සඳහා මූල්‍ය සහයෝගය ලබාදෙමින් එකතුවී තිබීම කැපී පෙනේ.

බැංකුව විසින් සමාජය වෙනුවෙන් තිබෙන දැක්ම එහි සේවක සබඳතා, පාරිභෝගික සබඳතා සහ ප‍්‍රජාව වෙනුවෙන් වන කැපවීම් මගින් අර්ථ දක්වා තිබෙන අතර එය විවිධ වැඩසටහන් මගින් ස්ථීර කර ඇත. බැංකුව විසින් පසුගිය දශකය තුළදී අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සංස්කෘතිය වර්ධනය කිරීම සඳහා ආයතනික සමාජ වැඩසටහන් 400 කට වැඩි ප‍්‍රමාණයක් සිදුකරමින් මෙරට ප‍්‍රජාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට ඉතාමත් ඉහළ කාර්ය භාරයක් සිදුකර තිබේ.  

මීට අමතරව, පාරිභෝගිකයින්ට ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු ප‍්‍රමුඛතාවයක් ලබාදෙන ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව විසින් ධාරිතාවය නැංවීමේ වැඩසටහන් මගින් මෙරට ව්‍යවසායකයින් 7000 කට වැඩි සංඛ්‍යාවක් සවිබල ගන්වා ඇත.

Visits: 38