රාජකීය දිවිපෙවෙතකට ‘The Palace Gampaha’ ප්‍රයිම් සමූහය වෙතින්

ශ‍්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ නායකත්වය උසුලන සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද ප‍්‍රයිම් සමූහය සිය සුපිරි නිවාස ව්‍යාපෘතීන් අතරින් නවමු සංකල්පයක් සමග‘The Palace Gampaha’පසුගියදා ආරම්භ කරන ලද බව පවසයි.

පුළුල් පරාසයක විහිද සිටින විවිධත්වයෙන් යුතු සිය ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ප‍්‍රශස්ත ලෙස සපුරාලීමට, ප‍්‍රයිම් සමූහය සුඛෝපභෝගී නාගරික ජීවිතය සඳහා අවශ්‍ය සියලූ පහසුකම්වලින් සමන්විතව ගම්පහ නගරයට සමීපව මෙම සහධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය ඉදිකරනු ඇත.

‘The Palace Gampaha’සුඛෝපභෝගී සහධිපත්‍ය (Condominium) නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් පරිශ‍්‍රය අක්කර 13කට වැඩි වපසරියක් පුරාවට දිවයන අතර නුවර කොළඹ ප‍්‍රධාන මාර්ගයට මීටර් 100ක් තරම් ආසන්නයෙහි මෙම නිවාස සංකීර්ණය ඉදිවනු ඇත.

ගම්පහ නගරයට කිලෝමීටර් 2ක් තරම් සමීපයෙහි පිහිටි බැවින් ගම්පහ නගරයෙහි පිහිටි සියලූ ප‍්‍රධාන පෙළේ පාසල්, රෝහල්, සාප්පු සංකීර්ණ, අධ්‍යාපන ආයතන, සිනමාශාලා සහ විනෝද මධ්‍යස්ථානයන්, වැනි පොදු ස්ථානයන් වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව ඇත.

එමෙන්ම ගම්පහ දුම්රියපොළ වෙත විනාඩි 5ක් වැනි සුළු කාලයක් තුළ ළඟාවීමේ හැකියාව පවතිග එමෙන්ම ඉදිවෙමින් පවතින කොළඹ නුවර ප‍්‍රධාන අධිවේගී මාර්ගයෙහි එක් පිවිසුමක් ආසන්නයෙහි මෙම නිවාස සංකීර්ණය පිහිටා ඇති බැවින්  විනාඩි 5ක් තුළ කොළඹ මහනුවර අධිවේගී මාර්ගය වෙත ප‍්‍රවේශ වීමේ අවස්ථාව පවතී  ‘The Palace Gampaha’සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස ව්‍යාපෘතියේ සිට කඩවත අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 කින් ළඟාවියහැක.

නිදන කාමර දෙකක් හා තුනක් සහිත සහධිපත්‍ය නිවාස 480ක් මෙහි ඉදිකරෙන අතර ඉදිකිරීම් කටයුතු සිදුකෙරන භූමිය, මිල ගණන් සහ නිවාස ඉදිකිරීම සඳහා භාවිතා කෙරෙන ජාත්‍යන්තරමට්ටමේ ගොඩනැගිලි උපාංගයන් යන සාධක සලකා බැලීමේදී ගම්පහ නගරයෙහි ඉදිකෙරන අසමසම අග‍්‍රගන්‍යයේ නිවාස ව්‍යපෘතිය ලෙස ‘The Palace Gampaha’ සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය නිසැකවම හඳුන්වාදිය හැක.

රුපියල් මිලියන 9න් ආරම්භ වන මෙම නිවාස වසර තුනක් පුරා ලබා දෙන පොලී රහිත ගෙවිම් ක‍්‍රම හරහා මිලදී ගත හැකි අතරම ඉදිකිරීම් අවසන් වූ පසුව ආයෝජනයෙහි ප‍්‍රතිලාභ කිහිප ගුණයකින් වැඩි වනු ඇත. ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ දේපොළ වෙළෙඳ ක්ෂේත්‍රයේ පළමු [A-] ණය ශ්‍රේණිය ICRA වෙතින් හිමිකර ගැනීමටද ප‍්‍රයිම් සමූහයට හැකිව තිබේ.

Visits: 73