ක්‍රිස්වර්ල්ඩ් සමාගමේ පළමු මහජන කොටස් නිකුතුව අප්‍රේල් 27දා

කොළඹ කොටස් හුවමාරුව තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ලැයිස්තුගතවීමට ලබා දී තිබෙන Empower පුවරුව තුළ ලැයිස්තුගත වන පළමු සමාගම ලෙස සීමාසහිත ක්‍රිස්වර්ල්ඩ් සමාගම (Chrissworld Limited) ලබන අප්‍රේල් 27 වැනිදා සිය මූලික මහජන කොටස් නිකුතුව ආරම්භ කරන බව පවසයි.

මේ සඳහා වන අනුමැතිය කොළඹ කොටස් හුවමාරුව මගින් ලබා දී ඇතැයි ඊයේ දිනයේදී නිවේදනය කෙරිණි.

මෙහිදී සමාගම මගින් සිය කොටස් මිලියන 7.5ක (7,500,000ක) ප්‍රමාණයක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. මෙහිදී එක් කොටසක් රුපියල් 7.50 බැගින් මිල කෙරී ඇති අතර, නිකුතුව හරහා රැස් කිරීමට බලාපොරොත්තු වන සමස්ත වටිනාකම රුපියල් මිලියන 56.2 (56,250,000කි).

Visits: 632