බයිරහා ෆාම්ස් කොටසකට රුපියල් 3 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගම මගින් නිකුක් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3 බැගින් ලාභාංශ ගෙවීමට මෙහිදී තීරණය වී ඇත.

මෙම ලාභාංශ ගෙවීම 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා සිදු කරන බවත් එය පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක්ව න බවත් බයිරාහා ෆාම්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 27 වැනිදා නම් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අප්‍රේල් 15 වැනිදා සඳහන් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීම සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම සඳහන් කරයි.

කොළඹ කොටස් හුවාමරුව තුළ අවසන්වරට ගනුදෙනු සිදු වුණූ පසුගිය බ්‍රහස්පතින්දා (01දා) බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 135ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊට පෙර දිනයේ සටහන් වූ රුපියල් 137.75ක වටිනාකමට සාපේක්ෂව රුපියල් 2.75ක එනම් -2.00%ක පහත වැටීමකි.

Visits: 291