DIMO සභාපති ඇතුළු පිරිසක් හම්බන්තොට වරායේ ප්‍රධානීන් හමුවෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරිං පීඑල්සී (DIMO) සමාගමේ සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා ඇතුළු සමාගමේ නියෝජිතයන් පිරිසක් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත පැමිණි බව එම වරාය සමූහය (HIPG) පවසයි.

DIMO සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගනනාත් පණ්ඩිතගේ මහතාද මෙම ගමන සඳහා එක්ව තිබේ. මෙහිදී ඔවුන් පිරිස හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා හමු වී සාකච්ඡා පවත්වා ඇත.

මෙහිදී ඔවුන් අතර පැවැති සාකච්ඡා වඩාත් සාර්ථකවූ බවත්, ඉදිරියේදී දෙපාර්ශ්වය අතර සහයෝගිතාව වර්ධනය කරගැනීම සඳහා එකඟතාවකට පැමිණි බවත් හම්බන්තොට වරාය සමූහය පවසයි. විශේෂයෙන්ම වරායේඅනාගත සංවර්ධන සැලසුම් කෙරෙහි ආයෝජනය සඳහා DIMO සමාගමේ ඉහළ කැමැත්තක් පවතින බවක්ද මෙහිදී පෙන්නුම් කළ බවද එම සමූහය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 274