එමිරේට්ස් කොළඹට සේවා ආරම්භ කර 35 වන වසර සමරයි

එමිරේට්ස් විසින් ගුවන් සේවා තුලින් ශ‍්‍රී ලංකාව ලෝකය සමග සම්බන්ධ කිරීමේ 35 වන වසර අපේ‍්‍රල් 1 දා සමරන ලද බව පවසයි.

එමිරේට්ස් විසින් 1986 වසරේදී ශ‍්‍රී ලංකාවට සේවා අරඹා මේ දක්වා මිලියන 08 කට වැඩි ගුවන් මගීන් සංඛ්‍යාවක් කොළඹට සහ කොළඹින් ප‍්‍රවාහනය කර තිබෙන අතර පැමිණ ආපසු යන ගුවන් ගමන් 49,000 කට වැඩි සංඛ්‍යාවක් මේ දක්වා ක‍්‍රියාත්මක කර තිබේ.

එමිරේට්ස් විසින් මේ වනවිට ශ‍්‍රී ලංකාවට සතියකට ගුවන් ගමන් හයක් ක‍්‍රියාත්මක කරන අතර ඩුබායි හරහා එමිරේට්ස් ජාලයේ ගමනාන්ත 90 ක් වෙත ගුවන් මගීන් සම්බන්ධ කරනු ලබයි.

Boeing 777-200LR යානයක් යොදාගනිමින් එමිරේට්ස් විසින් 1986 අපේ‍්‍රල් 01 වනදා මුලින්ම කොළඹට ගුවන් ගමන් ක‍්‍රියාත්මක කරන ලදී. ගුවන් මගීන්ගෙන් ලැබුණු ඉල්ලූම වැඩිවීම හමුවේ සමාගම විසින් 1997 වසරේදී Boeing 777-300ER ගුවන් යානා යොදා ගනිමින් ශ‍්‍රී ලංකාවේ සේවා පුළුල් කිරීමට කටයුතු කළේය. අද වනවිට ගුවන් මගීන්ට ගුවනේදී සහ ගොඩබිමදී ඉහළම පහසුකම් සපයමින් කොළඹට පළමු පන්තියේ සේවා සපයන එකම ජාත්‍යන්තර ගුවන් සමාගම බවට එමිරේට්ස් පත්ව තිබේ.   

ගුවන් සමාගමේ භාණ්ඩ ප‍්‍රවාහන අංශය වන එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් ලෝකය පුරා භාණ්ඩ ප‍්‍රවාහන ගමනාන්ත 130 කට වැඩි ප‍්‍රමාණයක් වෙත ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් සම්බන්ධ කරමින් ඔවුන්ගේ ව්‍යාපාර සහ ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට මහඟු සහයෝගයක් ලබාදෙමින් සිටී. පසුගිය වසර 10 තුළදී ස්කයිකාර්ගෝ විසින් ශ‍්‍රී ලංකාවට සහ ශ‍්‍රී ලංකාවෙන් පිටතට ටොන් 275,000 කට අධික භාණ්ඩ ප‍්‍රවාහනය කර තිබෙන අතර මුහුදු මාළු, පළතුරු, එළවළු, ඖෂධ, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ වෛද්‍ය උපකරණ මෙම භාණ්ඩ අතරට ඇතුළත් වේ.

එමිරේට්ස් සහ ෆ්ලයිඩුබායි හි, සම්මානනීය ලෝයල්ටි වැඩසටහන වන එමිරේට්ස් ස්කයිවර්ඞ්ස් වැඩසටහනේ ශ‍්‍රී ලාංකේය ජාතිකයින් සහ නේවාසිකයින් 140,500 කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින අතර මෙමගින් ප‍්‍රතිලාභ රැසක් ලබාගැනීමේ අවස්ථාව උදාකර ගෙන ඇත. පාර්ශවකාර ගුවන් සමාගම් මගින් ගුවන් ගමන් ලබාගැනීම, හෝටල්වල නවාතැන් පහසුකම්, ගුවන් සමාගමේ සහයෝගය සහිතව අලෙවිසැල් වලින් භාණ්ඩ හා සේවා ලබාගැනීම මෙන්ම දීමනා සහ වට්ටම් සහිතව ගුවන් ගමන් ලබාගැනීමේ පහසුකම් මේ යටතේ හිමිකර ගැනීමට ගුවන් මගීන්ට අවස්ථාව හිමිවේ. සිය සාමාජිකයින්ට 2022 වසර දක්වා සාමාජිකත්වය දීර්ඝ කළ ලෝකයේ තිබෙන ලෝයල්ටි වැඩසටහන් වලින් එකක් වන මෙමගින් කොවිඩි-19 වසංගත කාලයේදී පවා ඉතාමත් නම්‍යශීලී සහ ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් පාරිභෝගිකයින්ට සේවා සැපයීම කැපී පෙනේ.

මහද්වීප හයටම පියාසර කරන ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් එකක් ලෙස එමිරේට්ස් සැලකේ. ගුවන් සමාගම මේ වනවිට කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ ආරක්ෂාකාරී ක‍්‍රියාමාර්ග මාලාවක් (comprehensive set of measures) සහ නොමිලේ බහු අවධානම් ගමන් රක්ෂණයක් (free multi-risk travel insurance) ලබාදෙමින් ගුවන් ගමන් වෙන් කිරීමට ඉතාමත් නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් (booking policies to offer greater flexibility and generous re-booking terms) හඳුන්වා දී තිබෙන නිසා ශ‍්‍රී ලාංකේය ගුවන් මගීන්ට ඉතාමත් ආරක්ෂාකාරී ලෙස සංචාරය කිරීමේ අවස්ථාව උදාකර ඇත.  

වැඩි විස්තර සඳහා emirates.com වෙබ් අඩවියට පිවිසෙන්න.

Visits: 44