ලක්ෂපාන බැටරීස් පීඑල්සී රුපියල් 1ක් බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට සූදානමින් සිටින බව පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය කෙරී ඇත.

ඒ අනුව මේ දක්වා සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් එකක් බැගින් ලාභාංශ ගෙවන බව ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම පවසයි.

2020/2021 මූල්‍ය වර්ෂය සඳහා වන මෙම ලාභාංශ ගෙවීම පළමු අතරමැදි ලාභාංශ ලෙසින්ද නම් කෙරී ඇත.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස 2021 මැයි 06 වැනිදා නම් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස 2021 අප්‍රේල් 15 වැනිදා ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීම සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් හිමිවීම අවශ්‍ය නැත.

අවසන් වරට කොළඹකොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වූ ඊයේ දිනයේදී ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 13.70ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊට පෙර දිනයේදී කොටසක වටිනාකම ලෙස සටහන් වූ රුපියල් 13.90ට සාපේක්ෂව ශත 20ක එනම් -1.44% ක පහත වැටීමකි.

Visits: 311