ඉහළ ප්‍රමිතියකින් යුතු එයාර්ටෙල් පාරිභෝගික සේවාව ඇගයීමට

ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් 2020 පළමු කාර්තු දෙක සඳහා ගුණාත්මක සේවාව (QoS) පදනම් කරගනිමින් සිදු කරන ලද සමීක්ෂණයට අනුව පාරිභෝගික සේවා නිර්නායක සඳහා ඉහළ කාර්යසාධනයක් අත්කර ගැනීමට එයාර්ටෙල් ලංකා සමාගම සමත් වී ඇත.

පසුගිය වසරේදී කොවිඞ්-19 වසංගතයේ පළමු රැල්ලත් සමඟ රටේ සිදු වූ ලොක්ඩවුන් කාලපරිච්ෙඡ්දය තුළ සැමටම නිවසේ සිට රාජකාරී කිරීමේ පරිසරයකට මාරු වීමට සිදු වූ අතර එම කාලය තුළදීම එයාර්ටෙල් මෙම ඇගයීමට පාත‍්‍ර වීම කැපී පෙනෙයි.

මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘එයාර්ටෙල් සමාගමේ අප සැමවිටම උත්සාහ කරන්නේ අඛණ්ඩ සේවා සංස්කෘතියක් පවත්වා ගෙන යෑමටයි. ජාත්‍යන්තර මට්ටමේ පාරිභෝගික සේවාවක් සමඟින් අපගේ පාරිභෝගිකයින්ගේ ජීවන රටා වඩාත් උසස් කිරීම අපගේ අරමුණයි. නව සාමාන්‍යකරණයට හැඩ ගැසෙන අතරම මෙම ගුණාත්මක සේවාව ජාත්‍යන්තර තලයෙන් ඔබ්බට රැගෙන යාමට කැපවූ කණ්ඩායමක් නොසිටින්නට මෙම ඉලක්කය අඛණ්ඩව පවත්වා ගැනීමට හා තව තවත් සාර්ථක වීමට අපට නොහැකි වනු ඇත.’’ යනුවෙන් පැවසුවේය.

2020 ජනවාරි සිට ජුනි දක්වා කාලය පදනම් කරගනිමින් TRCSL විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව එයාර්ටෙල් සමාගම පාරිභෝගික සේවා නිර්නායකයන්හි විශිෂ්ටත්වය පෙන්නුම් කර ඇත. මීට සමානව IVR ආරම්භක ප‍්‍රතිචාර කාලය (IVR Initial Response Time), IVR පද්ධතියෙන් ඇමතුම් ක‍්‍රියාකරු සහාය ඉල්ලා සිටීමෙන් පසු මානව මෙහෙයුම් ආරම්භක ප‍්‍රතිචාර කාලය (Initial Human Operator Response Time after the IVR system refers the call for operator assistance) සහ බිල් නිවැරදි කිරීම හා පැමිණිලි නිරාකරණ කාලය (Bill Correctness Complaints Resolution Time) යන නිර්ණායකවලදී ද එයාර්ටෙල් සමාගම ඉදිරියෙන් සිටී.

TRCSL විසින් කල්තියා ස්ථාපිත කරන ලද ප‍්‍රමිතීන්ට සාපේක්ෂව ජංගම දුරකතන ක‍්‍රියාකරුවන්ට ඔවුන්ගේ ජංගම දුරකතන ජාලයේ ගුණාත්මකභාවය හා පාරිභෝගික සේවාව මත පදනම්ව ‘ජංගම දුරකතන සේවා සඳහා ගුණාත්මක සේවා සන්සන්දනාත්මක වාර්තාව’ (Quality of Service Comparison Report for Mobile Telephony Services) ඔවුන්ව තක්සේරුවට ලක් කරනු ලබයි. ජාත්‍යන්තර ආයතනවල ප‍්‍රමිතීන්ට අනුකූලව මෙම ප‍්‍රමිතීන් සකස් කර ඇත.

අදාල නිර්නායකයන් තවදුරටත් සංවර්ධනය කිරීමට හා ජංගම දුරකතන ක‍්‍රියාකරුවන්ගේ දැන ගැනීම සඳහා මෙම වාර්තාව ඔවුන් අතර බෙදා හරිනු ලබයි. ජංගම දුරකතන ක‍්‍රියාකරුවන් විසින් කාර්තුමය වශයෙන් පොදුවේ අධීක්ෂණය කරනු ලබන ගුණාත්මක සේවාවේ නිර්නායකයන් සඳහා මිණුම් දණ්ඩක් ලෙස ක‍්‍රියා කිරීම මෙම වාර්තාවේ පරමාර්ථය වේ. 

Visits: 54