ව්‍යවසාය සංවර්ධන උපදේශන සභාව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ව්‍යවසාය සංවර්ධන උපදේශන සභාවේ රැස්වීමක් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු 26 දින ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වී තිබේ.

පෙර පැවති සාකච්ඡාවේදී ආරම්භ කරන ලද තාක්ෂණික, ව්‍යාපාර වැඩි දියුණු කිරීම, කොටස් වෙළඳපල සහ ඔටෝ මොබයිල්  යන අනු කමිටුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නියෝජිතයින්ද මේ අවස්ථාවට සහභාගී වී ඇති අතර විශේෂයෙන්ම ව්‍යාපාර නැවත නගා සිටුවීමට සඳහා ඔවුන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. 

ඒ සඳහා සහයෝගය දැක්වීම සඳහා සංවර්ධන උපදේශන සභාවේ සාමාජිකයින්ගෙන් යුත් අනුකමිටුවක්ද පත් කෙරී ඇත.

මේ අවස්ථාවට මේ සඳහා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති අන්ගජන් රාමනාදන්, බලශක්ති සහ ඉදිකිරීම් අංශයේ ව්‍යාපාරිකයින් පිරිසක්, ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූ බව පැවසෙයි.

Visits: 59