“ධම්මික පෙරේරාගේ සාර්ථකත්වය සඳහා වන රීති 10” සංවාදය මාර්තු 31 සවස 6ට

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ සම්පත් දායකත්වයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන අන්තර්ජාල සංවාද වැඩසටහන ලබන බදාදා පස්වරු 6.00ට පැවැත්වෙන බව සංවිධායකයෝ පවසකි.

සාර්ථකත්වයේ පෙර දැක්ම : සාර්ථකත්වය සඳහා වනධම්මික පෙරේරාගේ රීති 10 ධම්මික පෙරේරා මහතා සමග (A Roadmap to Success : Dhammika perera’s 10 rules for Success with Mr.Dhammika Perera) යන මැයෙන් මෙම සංවාදය පැවැත්වෙයි.

වැලිබල් වන් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස ධම්මික පෙරේරා මහතා මේ සඳහා සහභාගි වෙයි. එහිදී ඔහු ධනාත්මකව සිතන්නේ කෙසේද සහ එය අපගේ ජීවිත වර්ණවත් කරගැනීමට යොදා ගත හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් සිය අත්දැකීම් බෙදා ගැනීමට සූදානමින් සිටින බව සංවිධායකයන් සඳහන් කරයි.

නොමිලේ පැයක කාලයක් පුරා පැවැත්වෙන මෙම අන්තර්ජාල සංවාදය සඳහා ලියාපදිංචිය https://us02web.zoom.us/…/321…/WN_xfMjvMkBQGy5kPTzxHBysw ඔස්සේ පිවිස සිදු කර ගත හැකිය.

මේ අතර, මෙම සාකච්ඡාවේදී ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරන සිය සාර්ථකත්වයේ රීති 10 සම්බන්ධයෙන් ඔහු සිය වෙබ් අඩවියේ මෙලෙස සඳහන් කර තිබේ.

ඉන්පළමු වැන්න දැනුම පාදක කරගැනීමයි  – “දැනුම බලය බවට පත් වූ දා සිට, මම සෑම දිනකදීම අලුතින් යමක්ඉගෙන ගැනීමට උත්සාහ කළා.”

දෙවැන්න බලපෑම් සහගත සන්නිවේදනයයි – “යම් සංකීර්ණ කරුණක් මා විසින් පැහැදිලි කරද්දී, එය වයස අවුරුදු 6ක් තරම් වයසේ පසුවන දරුවෙකුට වුවත් තේරුම් ගත හැකි ලෙස එමගැටලුව වඩාත් සරල කරවනවා.”

තෙවැන්න නම් ගැටලු විසඳන්නෙකු වීමයි – “මම විශාල ගැටලු දෙස බලා ඒවා කුඩා කොටස්වලට බෙදා වෙන් කළ හැක්කේ කෙසේදැයි බලනවා, ඒ හරහා එම ගැටලුවලට ඇති විසඳුම් මොනවාද යන්න පිරික්සනවා.”

සිව්වැන්න සැමවිටම ප්‍රශ්න කිරීමයි – “මට යමක් වැඩි දුර දැන ගැනීම සඳහා මම සෑම විටම ප්‍රශ්න අසනවා. එම කරුණ සම්බන්ධයෙන් වන ප්‍රශ්න විමසමින් මගේ ජීවිතය සඳහා වන දැනුමට අලුත්දේ එකතු කරගන්නවා. කවදාවත් ප්‍රශ්න ඇසීම නවත්වන්නේ නැහැ”

පස්වැන්න නිවැරදිව දැකීමයි – “සුදුසුම වෙලාව, සුදුසුම පුද්ගලයන්, සුදුසුම දිශාව සහ සුදුසුම ස්ථානය යනකරුණු මට ඉතාමත් වැදගත්, විශේෂයෙන්ම අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කරද්දී.

හයවැන්න ඉහළ මට්ටමක් රඳවා ගැනීමයි – “මම කෙසේ හෝ මගේ ඉලක්ක වෙත ළගාවෙද්දී මම මගේ සීමාව තවතවත් ඉහළ නංවාගැනීම මගේ සාර්ථකත්වයේ රහසයි. සමස්ත කර්මාන්තය වෙතම මිනුම් ලකුණක් පිහිටුවනවා.”

හත්වැන්න ප්‍රමුඛතාව දීමයි – “මගේ දෛනික වැඩපළ අතරේ අවධානය ලබා දෙන තවත් කරුණක් වන්නේ ප්‍රමුඛතාව ලබාදීමයි. මම වඩාත් වැදගත් ඉලක්ක සහ කටයුතු හඳුනාගන්නවා. ඒ අතරින් වඩාත් ප්‍රතිඵලදායක ඒවා මොනවාද කියා අවධානය යොමු කරමින් අනෙක් ඒවා පසෙක තබනවා.”

අටවැන්න ආසාවෙන් වැඩ කිරීමයි – “මා කරන දේට මම ආදරය කරනවා. මම යමක් කරන්න කැමැති වූ අවස්ථාවේ සිට මම ඒ පිළීබඳව ඉගෙන ගැනීමට උනන්දු වෙනවා සේම එම කටයුත්ත මගේ විනෝදාස්වාදනයේ ප්‍රභවය බවට පත් කරගන්නවා.”

නව වැන්න නම් රාජකාරිය සහ ජීවිතය සමතුලිත කර ගැනීමයි – “සැම විටම මානසික සහ කායික සෞඛ්‍ය දියුණු කරගන්න. කාර්යසාධනය වර්ධනය කරගන්න ඒ වගේම වඩාත් ශක්තිමත් සබඳතා පවත්වාගෙන යන්න.”

දසවැන්න වන්නේ අනෙක් අයට උදව් කිරීමයි – “මගේ පුණ්‍යාධාර වැඩසටහන් හරහා අවශ්‍යතාව පවතින පිරිස් පිළිබඳව සොයා බැලීමට මා කටයුතු කරනවා.”

යනුවෙන් මෙම සාර්ථකත්වයේ රීතීන් 10 සම්බන්ධයෙන් ධම්මික පෙරේරා මහතා මූලික කරුණු සඳහන් කර ඇත.

Visits: 592