Regnis (Lanka) PLC රු.2.60 බැගින් ලාභාංශ ගෙවනවාලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Regnis (Lanka) PLC සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.60 බැගින් මෙම ලාභාංශ ගෙවීමට තීරණය වී තිබේ.

මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන අප්‍රේල් 16 වැනිදා නම් කර ඇත. එසේම ලාභාංශ නොගෙවන දිනය (XD Date) ලෙස අප්‍රේල් 07 වැනිදා ප්‍රකාශ කෙරී තිබේ.

මේ අතර Regnis (Lanka) PLC හි මෙම ලාභාංශ නිකුතුව සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී සිටියි.

මේ අතර ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ Regnis (Lanka) PLC හි කොටසක වටිනාකම රුපියල් 43.10ක් ලෙස සටහන් විය. එය පෙර දිනයේදී එම කොටසක් වාර්තා කළ රුපියල් 42.30ට සාපේක්ෂව ශත 80ක එනම් 1.89෴ක ඉහළ යාමකි.

පාරිභෝගික භාණ්ඩ සහ ඇගලුම් කාණ්ඩය යටතේ කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන Regnis (Lanka) PLC සමාගම ශීතකරණ, බෝතල් සිසිලකරණ, අධිශීතකරණ සහ රෙදිසේදුම් යන්ත්‍ර නිෂ්පාදනය කරන බව පවසයි.

Regnis (Lanka) PLC මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතාට අයත් හේලීස් සමූහයෙහි වැඩි කොටස් හිමිකමක් සහිත සමාගමකි.

Visits: 310