කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 50% ක් දක්වා අවුරුදු වට්ටම්

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට මෙම අවුරුදු සමයේ සාප්පු සවාරියේ යෙදීමේදී ඉහළ ප‍්‍රතිලාභයක් ලබාදෙමින් දිවයින පුරා විහිදුණු වෙළෙඳසැල් 2000 කට වැඩි සංඛ්‍යාවකදී 50% ක් දක්වා වට්ටම් ලබාගැනීමේ අවස්ථාව සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පහසුගෙවීමේ ක‍්‍රම මත භාණ්ඩ මිලදීගැනීමේ අවස්ථාව ලබාදී තිබේ.

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කරමින් 2021 අපේ‍්‍රල් මාසය අවසන් වනතුරු මෙම වට්ටම් පිරිනමන බවත් එම වට්ටම් නිශ්චිත දිනයන් හෝ කාල සීමාවක් තුළ ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. මේ අතර, මාස 03 ක සිට 60 ක් දක්වා පියවීමේ පහසුකම් සහිත විශේෂ පහසු ගෙවීමේ සැලසුම් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා ලියාපදිංචි වූ දිවයින පුරා විහිදුණු වෙළෙඳසැල් 2000 කට වැඩි ප‍්‍රමාණයකින් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් මිලදී ගැනීම් කිරීමේදී ලබාගත හැකිවේ. මෙම පහසුගෙවීමේ සැලසුම් වෙළෙඳුන්ගෙන් වෙළෙඳුන්ට වෙනස් වන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු බැංකුවේ www.combank.lk අඩවියෙන් දැනගත හැකිය.  

මෙම දීමනාවන්ට අනුව කාඩ්පත් හිමියන්ට නිවාඩුවක් ගත කිරීම, ගෙදරට අළුත් භාණ්ඩ මිලදීගැනීම, මුළු පවුලටම රෙදිපිළි මිලදී ගැනීම, මිතුරන්ට ත්‍යාග මිලදී ගැනීම, ග්‍රොසරි භාණ්ඩ මිලදීගැනීම, නව විලාසිතා මිලදීගැනීම, අධ්‍යාපන ආයතනවල ලියාපදිංචි වීම යනාදිය කළ හැකිවේ.

මෙම වට්ටම් නිමි ඇදුම්, පාවහන්, ආයිත්තම්, ආභරණ, අත් ඔරලෝසු, ලයිෆ්ස්ටයිල් නිෂ්පාදන, ඇස්කන්නාඩි, සෞඛ්‍ය පහසුකම්, රූපලාවන්‍යාගාර සහ ස්පා, අන්තර්ජාල සාප්පු වෙබ් අඩවි සහ සුපිරි වෙළෙඳසැල් වෙතින් ලබාගත හැකිවේ. මේ අතර, පහසුගෙවීමේ අවස්ථා රථවාහන, විදුලි උපකරණ, ජංගම උපකරණ, පරිගණක, නිවාස සහ කාර්යාල උපකරණ, ස්වර්ණාභරණ, ඔරලෝසු, ගෘහභාණ්ඩ සහ ගේදොර උපකරණ අලෙවිසැල් වලින් සහ රක්ෂණ සමාගම්, ව්‍යායාම මධ්‍යස්ථාන, ඇස්කන්නාඩි, රෝහල්, ව්‍යායාම උපකරණ අලෙවිසැල්, දේශීය සහ විදේශීය සංචාරක සහ ගමන් සමාගම්, අධ්‍යාපන ආයතන සහ පුළුල් පරාසයක විහිදුණු අන්තර්ජාල සාප්පු වෙබ් අඩවි වලින් ලබාගත හැකි වේ. 

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඩෙබිට් කාඩ්පත් මගින් වසර පුරාම පුළුල්ව විහිදුණු සේවා මාලාවක් ඇතුළත් වන ලෙස ප‍්‍රවර්ධන වැඩසටහන් සිදුකරයි. සිය Max Loyalty Rewardsවැඩසටහන මගින් ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් යන දෙපිරිසටම ප‍්‍රතිලාභ ලබාදුන් පළමු බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි. මීට පෙර, සාම්ප‍්‍රදායික වශයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පමණක් ලබාදුන් ප‍්‍රවර්ධන වට්ටම් ඩෙබිට් කාඩ්පත් සඳහාත් ලබාදුන් පුරෝගාමී බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.  

සමස්තයක් ලෙස ගත්විට මෙරට වෙළඳපොළ ප‍්‍රමුඛස්ථානය ගැනීමට කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ් සමත්ව තිබේ. බැංකුව විසින් Visa සහ Mastercard මෙන්ම UnionPay සන්නාම යටතේ Classic, Gold සහ Platinum මට්ටමින් ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන අතර ඉහළ පාරිභෝගික කාණ්ඩය සඳහා Visa Signature, World Mastercard සහ Visa Infinite මෙන්ම UnionPayAsia Prestige Diamond සහ UnionPay Asia Prestige Platinum කාඩ්පත් නිකුත් කරයි. මෙම කාඩ්පත්‘Tap & Go’ NFC භත්‍ක්‍ තාක්ෂණයෙන් යුක්ත වන අතර ඉතාමත් ශක්තිමත් NFC Point-of-Sale (POS) ජාලයක සහාය මේ සඳහා හිමිවේ.

Visits: 148