සම්පත් බැංකුව බිබිල කින්දගල්ල වැවට යළි ජීවය දෙයි

ලක්දිව අතීත ශ්‍රී විභූතිය යළි යළිත් විරාජමාන කරන සම්පත් බැංකුවේ තවත් අභිමානවත් සමාජ සත්කාරක වැඩසටහනක් වනවැවට ජීවයක්ජාතික ව්‍යාපෘතිය යටතේ යළි ජීවය ලැබූ බිබිල කින්දගල්ල වැව පසුගියදා ජනතා අයිතියට පත් කරනු ලැබූ බව පවසයි.

2020 අගෝස්තු මස 20 වෙනි දිනයි. සම්පත් බැංකුව බිබිල කින්දගල්ල වැවෙහි ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවේ එදිනය. රට තුළ පැවති අවාසනාවන්ත වසංගත තත්වය මධ්‍යයේ වුවද මාස කිහිපයක් ගත වන විට ගොවි ජනතාව වෙනුවෙන් පරිපූර්ණ වැවක උරුමය ලබා දෙන්නට සම්පත් බැංකුවට හැකි විය.

පසුගිය මාර්තු 10 වන දින කොකුන්නෑව ගමට සෞභාග්‍යය රැගෙන ආ මෙම උත්කර්ෂවත් අවස්ථාව වෙනුවෙන් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා ඇතුළු සම්පත් බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය හා නිලධාරීන්ද රාජ්‍ය ආයතන නියෝජනය කරමින් මොණරාගල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්තුමාබිබිල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු එම ආයතනයන්හි නිලධාරීන්දගම්වාසීන්ද එක්ව සිටියහ.

මෙම අවස්ථාවට එක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ සම්පත් බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන වැවට ජීවයක්ව්‍යාපෘතියේ තවත් අදියරක් සම්පූර්ණ කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද බිබිල කින්දගල්ල වැව අද දින ජනතා අයිතියට පත් කරනවා. 2001 වර්ෂයේදී ලූණුගම්වෙහෙර පිහිටි උඩමත්තල වැව ප්‍රතිසංස්කරණයෙන් ආරම්භ කළ මේ සුවිසල් මෙහෙවර හරහා අද වනවිට වැව් නවයක් ප්‍රතිසංස්කරණය කරමින් වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අපේ දේශීය ගොවි ජනතාවට සවියක් වීමට අපට හැකි වී තිබෙනවා. බිබිල කින්දගල්ල ගම්වාසී සියලු දෙනාටම මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කැපවීම පිළිබඳව මගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. ඒ වගේම මෙම ව්‍යාපෘතියට තාක්ෂණික දායකත්වය ලබාදුන් මොණරාගල ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්තුමා ඉංජිනේරුවරු හා තාක්ෂණික නිලධාරීන් ඇතුළුව සියලූම පාර්ශවයන්ටත් සම්පත් බැංකුව වෙනුවෙන් මා කෘතඥපූර්වක වනවායනුවෙනි.

සම්පත් බැංකුවේ වැවට ජීවයක්වැඩසටහන යටතේ බිබිල කින්දගල්ල වැවට අමතරව ලුණුගම්වෙහෙර උඩමත්තල වැව (2001)” තණමල්විල ඉලුක්පැලැස්ස වැව (2002)” හම්බන්තොට කොන්කැටිආර වැව (2002)” පඬුවස්නුවර දෙමටව වැව (2014)” නොච්චියාගම හල්මිල්ලකුලම වැව (2017)” කහටගස්දිගිලිය අඹගහවැව (2018) මෙන්ම දිවුලන්කඩවල ධාන්‍යාව වැව (2018), නොච්චියාගම නැලවගම වැව (2020), සම්පත් බැංකුව විසින්  ප්‍රතිසංස්කරණය කොට ඇත.

Visits: 52