වින්ඩ්ෆෝර්ස් මූලික මහජන කොටස් නිකුතුවට අධි ඉල්ලුමක්

මෙරට මුල් පෙළේ පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පෞද්ගලික සමාගම මගින් ඊයේ (මාර්තු 24දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කළ මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා අධි ඉල්ලුමක් හිමිවූ බව එම සමාගම නිවේදනය කරයි.

මෙහිදී සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුව හරහා කොටසක් රුපියල් 16.00 බැගින් සිය කොටස් 202,615,341ක් නිකුත් කිරීම සිදු විය. එය සමාගමේ කොටස් ප්‍රතිශතයෙන් 15% කි.

ඒ අනුව එම මිල යටතේ මෙම මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ලැබුණු බව සමාගම පවසයි. මෙම සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 3.24ක් (3,241,845,456 ක්) වෙයි.

මේ තත්ත්වයත් සමගින්ම ඊයේ පස්වරු 4.30 වන විට මෙම නිකුතුව වසා දැමීමමට පියවර ගත් බවත් වින්ඩ්ෆෝර්ස් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

සමාගම මීට පෙර නිවේදනය කර තිබූ ආකාරයට මෙම නිකුතුව සඳහා ඉල්ලුම් කිරීමේ අවසන් දිනය ලබන අප්‍රේල් 15 වැනිදා ලෙසින් සටහන්ව තිබුණි.

Visits: 594